මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නෝර්වේ රාජ්‍යය තීන්දු කර තිබේ.
විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා නොර්වේ රජය පසුගිය දා නිවේදනය කර තිබිණි.
කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අද (31) සිට අත්හිටුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රාජ්‍ය තාන්ත්‍රික රාජකාරිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය මගින් සිදුකරනු ඇතැයි නෝරවේ රාජ්‍යය දන්වා ඇත.







