අද සිට ක්‍රියාත්මක විමට තිබු බස් ගාස්තු අඩු වීම ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනා ගමන කොමිසම නිවේදනය කරයි.
එහි අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන ප්‍රකාශ කළේ බස් ගාස්තුව පිළිබඳ අවසන් තීරණය අද දහවල් දොලහින් පසු ප්රකාශවන බවය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව අද සිට සියයට 2.5කින් අඩු කිරීමට නියමිතව තිබිනි.
නමුත් ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් මෙම මිල අඩුකිරීමට බස් සංගම් ස්වකීය විරෝධය පළ කර තිබුණේය. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් සංගම් ඉල්ලා තිබුණේ බස් ගාස්තු වැඩි වීමකි.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන ප්‍රකාශ කළේ ඉන්ධන මිල සංශෝධනය සහ බස් ගාස්තු සංශෝධනය ගැලපිය යුතු බවය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 12කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් මිල වැඩි වුනේය.







