රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේ හා පක්ෂ අභ්‍යන්තරයේ තීරණාත්මක සාකච්ඡා කීපයක් හෙට දිනය තුළ පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් වශයෙන් වෙන වෙනම මෙම රැස්වීම් පැවැත්වෙනු ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ගේ රැස්වීමත්, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමත්, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 රැස්වීමත්, එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමත් හෙට පැවැත්වේ.
ජනාධිපතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේ දී මෙන්ම පක්ෂ නායක රැස්වීමේ දී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පුලුල්ව සාකච්ඡා කර වැදගත් තීන්දු තීරණ රැසකට එළඹීමට නියමිත බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
ජනාධිපතිවරයා හදිසියේම ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු සියලු දෙනා හෙට සවස 4ට ජනාධිපති මන්දිරයට කැඳවා ඇත්තේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසා දීම ඇතුළු රටේ උද්තගතව ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමටය.
සැලසුම් කරගත් පරිදි අගමැතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව සලසා දෙන මෙන් ජනාධිපතාවරයා විසින් ආණ්ඩුවට හෙට යළි දැනුම් දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.
21 වැනි සංශෝධනයට අදාල යෝජනා මේ වනවිට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් කතා නායකවරයා වෙත ඉදිරිපත්කර තිබෙන අතර ඒ සියල්ල සලකා බලා කෙටුම්පතක් සැකසීම සහ එහි ඉදිරි කටයුතු ගැන මෙහිදී සාකච්ඡා කරනු ඇත.
පක්ෂ 11 සහ එක්සත් ජාතික පක්ෂය තම තමන් පවත්වන සාකච්ඡාවල දී වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට ලක් කිරීමට තීරණය කර ඇත.







