අද රාත්රී 12 සිට ඔකටේන් 92, ඔක්ටේන් 95, සුපිරි ඩීසල් මිල ගණන් වැඩි වී තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 රුපියල් 20කින් වැඩිවේ. නව මිල ලීටරයක් රුපියල් 348කි. ඔක්ටේන් 95 රුපියල් 10කින් වැඩි වේ. නව මිල රුපියල් 375කි. සුපිරි ඩීසල් රුපියල් 12කින් වැඩිවේ. නව මිල රුපියල් 358කි.
ලංකා සුදු ඩීසල් රුපියල් 2කින් ද භූමිතෙල් රුපියල් 10කින් ද මිල අඩු වී ඇත.
සංශෝධණය වූ මිල ගණන් පහත දැක්වේ.








