අද මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුනගේ සංගමය නිවේදනය කරයි.
දිගින් දිගට කරුණු දැක්වුවද ඒ පිලිබද කිසිදු සැලකිල්ලක් නොගෙන දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාරට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙස අද මධයම රාත්‍රී 12ට පැය 24ක සංකේත වැඩවර්ජනයක් කිරීමට හදිසියේ රැස්වූ විධායක සංගමය තීරණය කරන ලද එම සංගමය කියයි.
ඒ අනුව අද රාත්‍රී 12 සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇත
වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද දින සවස 06.00 ට මරදාන දුම්රිය ස්ථානාධිපති සංගම් මූලස්ථානයේ දී පැවත්විනි.







