අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට සහ නුවර රෝගිනුත් පිලිකා විකිරණ ප්‍රතිකාර ගන්නා මඩකලපුව රෝහලේ පිලිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටෙයි!

by editor
මැයි 9, 2023
in පුවත්
cancer-treetment
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

මඩකලපු ශික්ෂණ රෝහල සතුව පවතින  පිලිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයකට  පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම යන්ත්‍රය මගින් දිනකට පිළිකා රෝගීන් 35 – 40 අතර සංඛ්‍යාවකට විකිරණ ප්‍රතිකාර සිදුකරන අතර පසුගිය  2වන දා සිට යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී අතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   පැවසුවේය.

මහනුවර රෝහලේ මෙවැනිම යන්ත්‍රයක් අඩාල වීම හේතුවෙන් සහ හම්බන්තොට රෝහලේ මෙවැනි යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් රෝගීන් යොමු කරනුයේද මඩකලපු රෝහලට යැයි ඔහු කීවේය. 

දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන් රෝහල                                           අවට නිවාස තාවකාලිකව කුලියට ගෙන  ප්‍රතිකාර  ලබා ගැනීමට සිටින බවත්   ඔවුන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.

විකිරණ ප්‍රතිකාර අතරමග නතර කිරීමෙන් නැවත පිලිකා සෛල ඉතා වේගයෙන් වර්ධනය වන බවද ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි දෝෂ සහිත යන්ත්‍ර විශාල ප්‍රමාණයක් මේ වන විට රෝහල්වල පවතින අතර මේවා නිසිලෙස රෝහල්වෙත භාර දීමට අදාල සමාගම් කටයුතු කර නොමැති බවද සංගමය පෙන්වා දුන්නේය. 

තාක්ෂණික නිලධාරීන් යන්ත්‍රවල  නඩත්තු කටයුතු කිරීමේදී සහ දෝෂ යථාවත් කිරීමේදී යන්ත්‍රවල භාරකාරත්වය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීමෙන්  දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුවූ බව සභාපතිවරයා කීවේය. 

මෙම යන්ත්‍ර සදහා වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා විශාල මුදලක් අදාළ සමාගමට  ගෙවන අතර මෙවැනි යන්ත්‍රයක් අක්‍රීය වී දින තුනක් තුළ යථාවත් නොකරන්නේ නම් අදාල සමාගම මගින් දඩමුදලක් අයකර ගත යුතුව ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය එය නිසිලෙස අයකර නොගන්නා බව සංගමය පෙන්වාදේ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට!

Next Post

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.