X-Press Pearl නෞකාවෙන් සිදුවූ ව්‍යසනය සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිංගප්පූරු මහාධිකරණයේ පැවරූ නඩුව මැයි 15 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.
ඒ කොළඹ වරය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදු බත් වූ X-Press Pearl නෞකාවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රි ලංකා රජය සිංගපූරු මහාධිකරණයේ ගොනු කළ නඩුව අද (09) ප්‍රථම වතාවට කැඳවූ අවස්ථාවේ දී ය.
ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සිංගප්පූරු නීතී සමාගමක් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
2021 වසරේ මැයි මස 20 වැනිදා ගිනි බත් වූ මෙම නෞකාව අනතුර මෑත කාලයේ සිදුවූ විශාලතම සමුද්‍රීය පාරිසරික අනතුර ලෙස සැලකුණද ඊට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම පිළිබඳව විවේචන එල්ල විය.
මෙම නඩුව පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිංගප්පූරුවේ මහාධිකරණයේ ගොනු කරන ලද අතර ඒ අනුව මෙම නඩුව අද දින කැඳවනු ලැබුවේය.
විශේෂඥ අධ්‍යයන වාර්තාවකට අනුව සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4කට තක්සේරු කොට ඇත.