අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් අඩුවී ඇත. 12.5 ගෑස් සිලින්ඩරයක පැවති මිල 4551කි. රුපියල් 271ක් අඩු වූ පසු නව මිල 4280යි.
කිලෝ පහ ගෑස් සිලින්ඩරය රුපියල් 107කින් මිල අඩුවේ. පැවති මිල රුපියල් 1827කි. නව මිල 1720කි.
කිලෝ 2.13 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 48කින් අඩුවේ. පැවති මිල 848කි. නව මිල 800කි.







