අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද අළුයම දිඹුලගල සෙනසුනට වෛවර්ණ අලෝක වර්ෂාවක් ඇද හැලෙයි…

නිල් කහ රතු දම් වර්ණවලින් යුතු විචිත්‍ර අලෝක වර්ෂාවක්... පිටසක්වල ජීවීන් විය හැකි බව නා හිමියෝ කියති!

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

අවකාශයෙන් ඇද හැලුණ ආලෝක ධාරාවන් සහිත හඳුනා නොගත් වස්තූන් සමහූයක්  හෝ උල්කාපාත කැබලි සමූහයක් සේ  උපකල්පනය කළ හැකි විශාල වෛවර්ණ ආලෝක දහරාවක්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයට අද (31 )   අලුයම 2ට පමණ   පත්වී තිබේ.

ආලෝක වර්ෂාව දුරකථනයක සටහන් වී තිබූ අයුරු…

ඒ බව දුට ප්‍රදේශවාසීන් එම අවස්ථාව ඡායාරූපයට නගා ඇත.

විනාඩි දෙකක පමණ කාලයක් එම ආලෝක දහරාව පැවැති අතර, නිල් කහ රතු සහ දම් වර්ණවලින් එම ආලෝක ධාරාව අහස් මාලිගාව දෙසට පහත් වී එකවර නැතිවී ගිය බව ඇසින් දුටු ගොවියෝ සඳහන් කරති.

මීට පෙර අවස්ථා කීපයකදීම  මෙවැනි විචිත්‍ර අරුමයන්  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාව පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණි බවට දිඹුලාගල, නවමිල්ලන, දලුකාන, මලියදේවපුර, ඇතුළු අවට ගම්මානවල ජනතාව දැක තිබේ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාළිගාව….

පොලළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගයට මෙන්ම අරලගංවිල කන්දේගම ධානිගල කඳුවලල්ලට මීට පෙර වසරවල මෙන්මවල මෙන්ම බොහෝ අවස්ථාවලදී විවිධ ආලෝක ධාරාවන්  ලෙස දෙවිවිරු වඩින බව    ඉතිහාසයේ සිට පැනෙන ජනප්‍රවාදවල   සඳහන්වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ ආවේ ප්‍රවාදවල සඳහන් පිටසක්වල ජීවීන් ද?

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයකම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන්   අළුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලා ඇසින් දැක් ඇති බව  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමින්වහන්සේලා සහ සාමණේර හිමිවරුන් සඳහන් කළහ,

මාදුරුඔය විජිතාලංකාර නාහිමි

මේ පිළිබඳ අදහස් දැක්වූ උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පැළෑටියාව රජමහා විහාරාධිපති මාදුරුඔය විජිතාලංකාර නාහිමියෝ මෙලෙස සඳහන් කළහ..;

“මීට වසර කිහීපයකට පෙරත් ඔය ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාවට පාත්වෙනවා මමත් දැකලා තිබුණා. පිටසක්වල ජීවීන් අහස් මාලිගාව ස්ථානයට පැමිණිලා ඒ ගුහාවලට ඇතුළු වෙනවා, ඒ ස්ථානයට නමකුත් තියෙනවා. එතන රැඳී සිට ඒ අය  අනෙකුත් පිටසක්වල ජීවින් එක්ක තොරතුරු බෙදා හදා ගන්නවා කියලා කතාවකුත් තියෙනවා. “

“උඩු ගුවනේ සිට විවිධ ආලෝක විහිදුවමින් එකපාරටම අහස් මාලිගාව දෙසට ඇවිල්ලා ඒ ගල්ගුහා ඇතුළට යන ස්වභාවයක් තමයි මම දැක්කේ, බොහෝ අවස්ථාවලදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා වගේම මේ ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී පැල් රකින ගොවි ජනතාව මේ සිද්ධීන් දැකලා තියෙනවා. “

“ඉතිහාසයේ සඳහන් වෙනවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගාව පිහිටි ප්‍රදේශය  පිටසක්වල ජීවීන්ගේ නවාතැන් මධ්‍යස්ථානයක් කියලා. ඉතින් අපිත් සැක පළ කරනවා බොහෝ විට ඒ එන්නේ පිටසක්වල ජීවීන් කියලා. “

“මේ පිළිබඳ තවම පර්යේෂණ කරලා නැහැ. බොහෝවිට බදාදා, සෙනසුරාදා, කෙම්මුර දිනවල රාත්‍රී සහ අලුයම් කාලයේ තමයි ඒ වගේ ආලෝකයන්, එලි පාත් වෙන්නේ. එදාට අපේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ඒ පාත්වුන තැන්වලට ගියාට පස්සේ විවිධ සළකුණු සහ පිටසක්වළ ජීවීන් පැමිණි බවට සටහන් දැකලා තියෙනවා“ යැයි  මාදුරුඔය විජිතාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි… ජල ගැලීම් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

ඊයේ අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 28 දෙනා අද අධිකරණයට….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.