මනම්පිටිය නිමල් ජයරත්න –
අවකාශයෙන් ඇද හැලුණ ආලෝක ධාරාවන් සහිත හඳුනා නොගත් වස්තූන් සමහූයක් හෝ උල්කාපාත කැබලි සමූහයක් සේ උපකල්පනය කළ හැකි විශාල වෛවර්ණ ආලෝක දහරාවක්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයට අද (31 ) අලුයම 2ට පමණ පත්වී තිබේ.

ඒ බව දුට ප්‍රදේශවාසීන් එම අවස්ථාව ඡායාරූපයට නගා ඇත.
විනාඩි දෙකක පමණ කාලයක් එම ආලෝක දහරාව පැවැති අතර, නිල් කහ රතු සහ දම් වර්ණවලින් එම ආලෝක ධාරාව අහස් මාලිගාව දෙසට පහත් වී එකවර නැතිවී ගිය බව ඇසින් දුටු ගොවියෝ සඳහන් කරති.
මීට පෙර අවස්ථා කීපයකදීම මෙවැනි විචිත්‍ර අරුමයන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාව පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණි බවට දිඹුලාගල, නවමිල්ලන, දලුකාන, මලියදේවපුර, ඇතුළු අවට ගම්මානවල ජනතාව දැක තිබේ.

පොලළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගයට මෙන්ම අරලගංවිල කන්දේගම ධානිගල කඳුවලල්ලට මීට පෙර වසරවල මෙන්මවල මෙන්ම බොහෝ අවස්ථාවලදී විවිධ ආලෝක ධාරාවන් ලෙස දෙවිවිරු වඩින බව ඉතිහාසයේ සිට පැනෙන ජනප්‍රවාදවල සඳහන්වේ.
මේ ආවේ ප්‍රවාදවල සඳහන් පිටසක්වල ජීවීන් ද?
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයකම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන් අළුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලා ඇසින් දැක් ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමින්වහන්සේලා සහ සාමණේර හිමිවරුන් සඳහන් කළහ,

මේ පිළිබඳ අදහස් දැක්වූ උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පැළෑටියාව රජමහා විහාරාධිපති මාදුරුඔය විජිතාලංකාර නාහිමියෝ මෙලෙස සඳහන් කළහ..;
“මීට වසර කිහීපයකට පෙරත් ඔය ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාවට පාත්වෙනවා මමත් දැකලා තිබුණා. පිටසක්වල ජීවීන් අහස් මාලිගාව ස්ථානයට පැමිණිලා ඒ ගුහාවලට ඇතුළු වෙනවා, ඒ ස්ථානයට නමකුත් තියෙනවා. එතන රැඳී සිට ඒ අය අනෙකුත් පිටසක්වල ජීවින් එක්ක තොරතුරු බෙදා හදා ගන්නවා කියලා කතාවකුත් තියෙනවා. “
“උඩු ගුවනේ සිට විවිධ ආලෝක විහිදුවමින් එකපාරටම අහස් මාලිගාව දෙසට ඇවිල්ලා ඒ ගල්ගුහා ඇතුළට යන ස්වභාවයක් තමයි මම දැක්කේ, බොහෝ අවස්ථාවලදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා වගේම මේ ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී පැල් රකින ගොවි ජනතාව මේ සිද්ධීන් දැකලා තියෙනවා. “
“ඉතිහාසයේ සඳහන් වෙනවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගාව පිහිටි ප්‍රදේශය පිටසක්වල ජීවීන්ගේ නවාතැන් මධ්‍යස්ථානයක් කියලා. ඉතින් අපිත් සැක පළ කරනවා බොහෝ විට ඒ එන්නේ පිටසක්වල ජීවීන් කියලා. “
“මේ පිළිබඳ තවම පර්යේෂණ කරලා නැහැ. බොහෝවිට බදාදා, සෙනසුරාදා, කෙම්මුර දිනවල රාත්‍රී සහ අලුයම් කාලයේ තමයි ඒ වගේ ආලෝකයන්, එලි පාත් වෙන්නේ. එදාට අපේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ඒ පාත්වුන තැන්වලට ගියාට පස්සේ විවිධ සළකුණු සහ පිටසක්වළ ජීවීන් පැමිණි බවට සටහන් දැකලා තියෙනවා“ යැයි මාදුරුඔය විජිතාලංකාර නාහිමියන් සඳහන් කළහ.







