ඊයේ (30) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුලු සංවිධාන කිහිපයක් එක්ව පැවති විරෝධතා පා ගමන ඩීන්ස් පාර ආසන්නයේ දී ජල හා කඳුළු ගෑස් ගසා විසුරුවා හැරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 28 දෙනා අද මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත විසම්මුතියේ අයිතිය උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගත් බව පැවසෙන මෙම පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගත් පොලිස් ස්ථාන වෙත ගොස් තිබිණි.
මර්දනය නවතනු යන තේමාව යටතේ ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ වූ අතර, ඊට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන කිහිපයක්ද එක්ව සිටියහ.







