ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික ගෞතම් ආදානි ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. බ්ලූම්බර්ග වෙබ් අඩවිය අනාවරණය කරන ආකාරයට ආදානි මෙලෙස ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත. ඒ අනුව අදානි සතු මුලු වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලයන 137ක් ලෙසයි අදාල වෙබ් අඩවිය දක්වා ඇත්තේ.
ආදානි මෙලෙස ලොව තෙවැනියට ධනවමත්ම පුද්ගලයා බවට පත්වනව විට ඔහු ඉදිරියෙන් බ්ලූම්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයින් ලයිස්තුවේ සටහන්ව ඇත්තේ ඇමරිකානු ව්‍යාපරිකයින් වන ඊලොන් මසක් සහ ජෙෆ් බේසොස් වීම විශේෂත්වයකි.
ලොව ධනවත්ම පුද්ගලයින් තිදෙනා අතරට ඉන්දීය ජාතිකයකු පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි. ආදානිට ඉහළින් සිටින ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 153ක් ලෙස සඳහන් වේ. මේ අතර ලොව ධනවමත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 251ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.
ආදානි සිය ව්‍යාපාර වරාය, ගුවන්, සූර්ය බලශක්ති සහ ගල් අගුරු යන ක්ෂේත්‍ර වල සිදුකර අතර මේවන විට ඉන්දියාවේ නව 5ජී තාක්ෂණය ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද සෘජුව සම්බන්ධ වී ඇත.
ඉකුත් කොරෝනා වසංග සමයේදී ආදානි සිය ව්‍යාපාර සීඝ්‍රයෙන් පුළුල් කිරීමට සමත්වූ අතර එහිදී එතෙක් ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාව සිටි අම්බානි පසුකිරීමටත් සමත්විය.
ආදානි ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී ඉන්දියාව තුල ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසකට සම්බන්ධව කටයුතු කළ අතර එමගින් සිය වත්කම් වර්ධනය කර ගැනීමටද කටයුතු කරනු ලැබීය.
මේ අතර, ආදානි මෙරට වරාය කටයුතු වලට අයෝජනය කිරීමට පසුගිය කාලයේදී පැමිණි අතර ඒ සම්බන්ධයෙන් යම් ආන්දෝලනයක්ද ඇති විය.