සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන්වී දින 56යි… ගම්පල රොහලේ ජලටැංකියෙන් හමුවූ කොවිඩ් රෝගියාගේ සිරුර  නරක් වී නෑ….

පැති ගණනක් ඔස්සේ පරීක්ෂණ ඇරඹෙයි...

by editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පල රොහලේ අඩි 40ක් උසින් පිහිටි ප්‍රධාන   වතුර ටැංකියේ තිබී හමු වී තිබුණු, දින 56කට පෙර  රෝහලෙන් අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර හඳුනාගත හැකි සේ මැනවින් ආරක්ෂා වී තිබීම බරපතල සැකයකට හේතු වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පොලිස් සැරයන් වරයෙක් වූ එස්.ඉලන්බෝවන් නැමැති අයෙකි. කලක් ඔහු තොණ්ඩමන් ඇමතිවරයාගේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කර ඇති අතර අනතුරුව කොත්මලේ සහ පුණ්ඩළුඔය පොලිසිවල රාජකාරි කර ඇත.

 S-Ilanbowan
සැරයන් එස්.ඉලන්බෝවන්…

මෙම සැරයන්වරයාගේ පවුලේ සියලු දෙනා කොවිඩ් ආසාදිතව සිටි බවත්, කොවිඩ් රෝග ලක්ෂණවලින් එන බරපතල තත්ත්ව මතුවීම නිසා ඔහු රෝහල් ගත කළ බවත්  වාර්තා වේ.

සැප්තැම්බර් 08 දවල් සිට සැරයන්වරයා  වාට්ටුවෙන් අතුරුදන් වී තිබේ. එදා සිට පුණඩලුඔය, කොත්මලේ ගම්පල පොලිසිවලින් ඔහු පිළිබඳ නිරන්තර සෙවීමක් සිදු කළත් කිසිම ආරංචියක් ලැබී නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර   ජල ටැංකිය අවටින් එන දුර්ගන්ධයක් නිසා කළ සොයා බැලීමේ දී පසුගිය 29 වැනිදා මෙම සිරුර සොයා ගන්නා විට සැරයන්වරයා අතුරුදහන් වී දින 56ක් ගත වී තිබිණි.

රෝහලේ ජල ටැංකිය..

එහෙත් සැකයට තුඩු දෙන කාරණාව වන්නේ දින 56කට පෙර අතුරුදන් වූ පුද්ගලයාගේ  සිරුර ඉතා හොඳින් ආරක්ෂා වී තිබීමය. දින 56කට පෙර ජලයේ දී මිය ගියානම් මේ වනවට සිරුර හඳුනාගත නොහැකි සේ දැඩි හායනයකට ලක් විය යුතු බව විමර්ශන අංශ පවසයි.

මේ තැනැත්තා මරා අඩි 40ක් උස ජල ටැංකිය මතට රැගෙන යෑම කළ නොහැකි බවත්, කොවිඩ් සමග ඇතිවන   මානසික ආතති තත්වයක් යටතේ ජල ටැංකි මතට නැගීමට ගොස් ඒ තුළට ඇද වැටී මෙම මරණය සිදු වී ඇතිදැයි සැක සහිත බවත් විමර්ශකයෝ කියති.

මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දී ඇති පොලිස් සැරයන්වරයාගේ පුත් එස්.අභිමාන් කියා ඇත්තේ පියා ප්‍රතිකාර සඳහා ගම්පල රෝහලට ඇතුළත් කර දින 02කින් අතුරුදහන් වූ බවය.

“ තාත්තා ගෙදර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. එයා ගෙදරට ඉතාම සමීපයි. පොලිසිය තුළවත් කිසිම ප්‍රශ්නයක් එයාට නෑ. සිය දිවි හානි කරගන්න කිසිම හේතුවක් එයාට තිබුණෙ නෑ. මරණය ගැන විශාල සැකයක් තියනවා.“

“අප ඉල්ලා සිටිනවා  මරණය ගැන ඉතාම විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. සිද්ධ වුනේ මොනවද කියලා හොයලා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා.“ ඔහු කීවේය.

සිරුර ගොඩගත් ආකාරය…

ගම්පල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රීයන්ත පීරිස්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

මේ අතර ගම්පල රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් රොහලේ ජල ටැංකිය තුළ දියවෙන්නට හැර ඒ ජලය දහස් සංඛ්‍යාත රෝගීන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට පරිභෝජනය කිරීමට සැලැස්වූ රෝහලේ පාලන අධිකාරියේ අකාර්යක්ෂම වගකීම් රහිත ක්‍රියාකලාපය ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැස්සෙන් යාපනයේ 578ක් විපතට… අකුණු සැර වැදී පුද්ගලයෙක් මිය යයි!

Next Post

කාබනික වගාවට විරුද්ධ වෙන්නෙ රසායනික පොහොරට සහය දක්වන්නන් හා ඊට ඇබ්බැහි වූ ගොවීන්… ජනපති ලෝකයට කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.