ඊයේ (18) රාත්‍රියේ කැලනිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතු පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් වීශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්විද්‍යාල ශිෂ්‍යයින් 08 දෙනා අද අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතව තිබේ.
අදට දින 139ක් තිස්සේ රමාන්ඩ් භාරයේ සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් දෙදෙනෙක්වන කැලුම් මුදන්නායක, දිල්ශාන් හර්ෂණ නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම ශිෂ්‍යයින් විසින් ඊයේ රාත්‍රියේ මෙම උද්ඝෝෂණය පවත්වා තිබිණි.
අදාල විරෝධතාවය රාත්‍රී 9.10ට පමණ කැලණිය විශ්විද්‍යාලය තුළ සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඉදිරිපිටට පැමිණෙන විට එම පැමිණීම වැලැක්වීම සඳහා විශාල පොලිස් පිරිසක් කැලණිය විශ්වවිද්‍යාල ප්‍රවේශය අසල රැකවල්ලා සිටියහ.
උද්ඝෝෂකයින් පිරිස කැලණිය විශ්වවිද්‍යාලය අසල සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත් කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කීවේය. නමුත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පවසන්නේ මහා මාර්ගය අවහිර කරගෙන සිටින්නේ පොලිසිය බවත් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙසත්ය.
අනතුරුව සිසුන්ට පහර දී පළවා හළ පොලිසිය වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.







