සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් අඩංගුවට ගත්තේ ඇමති සහ බිරිය නෙමෙයි… ඇමතියි එයාගේ පුද්ගලික ලේකම්වරියයි… පවුල් පිටින් ආණ්ඩු කළ හැටි අනුර කියයි!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දා අමාත්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය අත් අඩංගුවට ගත් බවට මාධ්‍යවල පලවූ වාර්තාව අමාත්‍යවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය අත් අඩංගුවට ගත් බවට නිවැරදි විය යුතු යැයි ද පසුගිය කාලයේ පවුල් පිටින් ආණ්ඩු කළ ආකාරය සම්බන්ධව එම අත් අඩංගුවට ගැනීමේ දී යළිත් අනාවරණය වී ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානාය පැවසුවේය.

පැමිණිල්ල පිළිබඳ ලිපි ගොනුව 2015 සිට ඉතා ප්‍රමාද සහිතව මෙහෙයවා තිබු බවත්,   අදාළ පරීක්ෂණ සඳහා ආණ්ඩුවක් ලෙස ස්ථාවරත්වයක් සකසා දිය හැකි  නමුත් එම පරීක්ෂණයේදී දඬුවම් ලබාදිය හැක්කේ අධිකරණයෙන් පමණක් බැවින් අධිකරණයෙන් ඇප ලබාදීම සම්බන්ධයෙන් ජනතාව සැකයක් තබාගත යුතු නැති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මේ බව සඳහන් කර සිටියේ ඊයේ ඊයේ (25) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක් වෙමිනි.

මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

දූෂිතයන් පිළිබඳ ගන්නාවූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් පසු වන බව අප දන්නවා. මා පරීක්ෂකයාවත් , නඩු ගොනුකරන්නා හෝ නඩු විභාග කරන්නාවත් නෙමෙයි. නමුත් එම පරීක්ෂණ සිදු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටිනවා.

RelatedPosts

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

පසුගියදා හිටපු අමාත්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එය හිටපු ඇමතිවරයෙකු සහ ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස නිවැරදි විය යුතුයි.  පසුගිය පාලන සමයේ ආණ්ඩු කර තිබෙනුයේ පවුල් විසින් බව ඉන් පැහැදිලි වනවා. අත්අඩංගුවට ගැනීමේදී  පමණක් ඇමති ස්වාමිපුරුෂයා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමක් ලෙස හුවා දැක්වීම නිවැරදි වන්නේ නැහැ.

කෙසේ වුවද මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන ලිපි ගොණුව 2015 වසරේ  සිට ඉතා ප්‍රමාද වෙමින් අදාළ ආයතන මගින් මෙහෙයවා තිබුණා. මේ වන විට මෙම පරීක්ෂණ අවසන් කිරීම කඩිනම් කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග මහතා මීට වසර 16කට කලින් ඝාතනයට ලක් වුණා. තාජුඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාකළ අධිකරණ වෛද්‍යවරයා මෙන්ම ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වන විට මියගොස් තිබෙනවා. මේ පරීක්ෂණ යටපත් වී සාක්‍ෂි දිරා පත්වී තිබෙන අවස්ථාවක් වුවත් එම පරීක්ෂණ පවා කඩිනම් කිරීමට අදාළ අංශ අප විසින් ශක්තිමත් කර තිබෙනවා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.

අදාළ පරීක්ෂණ සඳහා ආණ්ඩුවක් ලෙස ස්ථාවරත්වයක් සකසා දිය හැකියි. නමුත් එම පරීක්ෂණයේදී දඬුවම් ලබාදිය හැක්කේ අධිකරණයෙන් පමණයි. අධිකරණයෙන් ඇප ලබාදීම සම්බන්ධයෙන් ජනතාව සැකයක් තබාගත යුතු නැහැ. දූෂිත පාලකයින්ට අධිකරණයේ නඩු පැවරීම වත්මන් රජයේ අරමුණයි. ඊට ශක්තිමත් සාක්ෂි එකතු කිරීම අදාළ ආයතන වලින් සිදු කළ යුතුයි. ඇතැම් නිලධාරීන් දූෂිතයන්ට අදාළ ලිපිගොනු සඟවාගෙන සිටිනවා. ඔවුන් එම ලිපිගොනු  කලින් පාලකයන්ට ලබා දුන්නේ නම් ඔවුන්ගේ රැකියාව අහිමි වේය යන බියෙන් පසු වුණා. එම නිලධාරින් මෙවැනි ආණ්ඩුවක් පැමිණෙන තෙක්  බලාපොරොත්තුවෙන් පසු වී තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුව සතුව විමර්ශන ලිපිගොනු 29,000ක් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කොටස් කිහිපයකට අදාළ විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මූල්‍ය අපරාධ පිළිබඳ ඒකකයක්, මිනී මැරුම් විමර්ශනය සඳහා ඒකකයක්,  මත්ද්‍රව්‍ය පිළිබඳ ඒකකයක් ලෙස නව ඒකකයන් නිර්මාණය කර තිබෙනවා. දිනපතා වැටලීම් සිදුකරමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීම්, ආයුධ ළඟ තබා ගන්නන් අත්අඩංගුවට ගැනීම් කඩිනම් කර තිබෙනවා.

කිසිදු ඇමතිවරයකු රජයෙන් නිල නිවසක් ලබා ගෙන නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය සහ මහනුවර ජනාධිපති මන්දිරය හැර සියලුම ජනාධිපති මන්දිර, ඇමති නිල නිවාස රජයට පවරාගෙන ආර්ථිකයට දායක කර ගත හැකි ආකාරයෙන් පරිහරණය කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරයාට හෝ කිසිදු ඇමතිවරයෙකුට නිල නිවසක් නොමැති විට වර්ග අඩි 30,000කට වඩා විශාල නිවාස ඉල්ලා සිටීමට තරම් හිටපු පාලකයින් කටයුතු කරමින් සිටිනවා. පැල්පත් නිවාස ඉවත් කර එම නිවාසවල සිටි පවුල් ඒකකයට ලබා දුන් නිවසක වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 450ක්. කොළඹ නගරය මධ්‍යයේ අක්කරයයි පර්චස් තුනක් වන රුපියල් කෝටි 350ක වටිනාකමින් යුත් නිවසක හිටපු පාලකයෙක් සිටිය යුතුද? තනි කෙනෙකුට වර්ග අඩි පහළොස් දහසක නිවසක සිටිය හැකිද? රටම වෙනස් වීම සඳහා බලකර සිටියදී එසේ වෙනස් නොවන්නේ ඇයි? අගමැති ලෙස අරලියගහ මන්දිරයද,  හිටපු ජනාධිපති ලෙස විජයරාම නිවසද එකම අවස්ථාවක භාවිත කළ හිටපු පාලකයින්  අද එම නිවස භාරදීමට පසුගාමී වී සිටිනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යහපත් සම්ප්‍රදායන් ඔස්සේ මේ රට මීට වඩා ඉහළට ඔසවා තැබීම සඳහා කැප වී සිටිනවා. මීට පෙර ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තිබුණේ නම් ඒ ඒ අමාත්‍යාංශ සඳහා අයවැය මගින් ඇමතිවරයාට අදාළ මුදල් වෙන් කිරීම සිදුකර තිබෙනවා. නමුත් මෙවර අයවැයේදී ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරනවා. යම් අතපසුවීමක් වුවහොත් එය නිවැරදි කිරීමට තරම් නම්‍යශීලීව කටයුතු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. රටක් ලෙස පිරිසුදු වීමට නම් මීට වඩා හොඳ අවස්ථාවක් ඉදිරියේදී ලැබෙනු ඇත්තේ නැහැ. මහජනතාවගේ දේපළට අත තැබීම සාංඝික දේපළට අත තැබීමක් යන හැඟීම සෑම පාලකයෙකුටම තිබිය යුතු යැයි අපි සිතනවා. එබැවින් අපි මෙම නව පරිවර්තනය අද සිට හෝ ආරම්භ කරමු.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩි මිලට අලෙවි කරන්නට ගෙනා හාල් ලොරියක් පාරිභෝගක අධිකාරියෙන් අත් අඩංගුවට අරන් නිසි මිලට වෙළෙඳසල්වලට බායි… අධීක්ෂණය යටතේ පාලන මිලට විකිණෙයි!

Next Post

අත් අඩංගුවට ගැනීමේ දී යෝෂිතට මාංචු නොදැම්මේ ඇයි?. පොලිසිය හේතුව කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
Iran

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!
  • ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!
  • ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.