ලලිත් චාමින්ද –
වැඩි මිලට අලෙවි කිරීම සඳහා කල්මුණේ ප්රදේශයේ සිට ප්රවාහනය කරමින් තිබූ දේශීය කැකුළු සහල් තොගයක් සමග ලොරි රථයක් අද (26) පෙරවරුවේදී ඇල්පිටිය තනබද්දේගම අධිවේගී පාලම යටදී සිය භාරයට ගත් බැව් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්රික් කාර්යාලය පවසයි.
මෙම සහල් තොගය ඇල්පිටිය තණ බද්දේගම ප්රදේශයේ තොග වෙළඳ සැලකට රැගෙන විත් ඇති බැව් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීහු පවසති.
පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කැකුළු සහල් කිලෝවක් රුපියල් 215ක මිලකට අදාල වෙළෙඳැලට ලබා දෙන ලෙස පවසා ඇත. මෙම තොග වෙළෙඳ සැලට කිලෝ පනහේ සහල් මිටි සියයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලොරි රථයෙන් ලබා දී ඇත.
සහල් කිලෝවක් රුපියල් 220 මිලට අලෙවි කරන ලෙස තොග වෙළෙන්දාට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් දැනුම් දී තිබේ. එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහල් කිලෝවක් රුපියල් 220 මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට වෙළඳසැල් හිමියා විසින් කටයුතු කරනු ලැබීය.
මෙම ලොරි රථයේ සහල් මිටි තුන්සීයක් පමණ තිබූ බව පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීහු පවසති. ඉතිරි සහල් තොගය කලවාන ප්රදේශයේ තොග වෙළඳ සැලකට රැගෙන යාමට නියමිතව තිබුණි.
එම සහල් තොගයද අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම වෙළෙඳ සැලට ලබාදීමට නියමිතව තිබූ අතර සහල් කිලෝවක් රුපියල් 220 පාලන මිලට අලෙවි කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත







