සුමිත් පොතුපිටිය –
පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි රූමත් තරුණ මවගේ සහ ඇඟේ මාස 11ක සිඟිති දියණිය ගේ මළ සිරුරු හමුවී ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මෙම මළසිරුරු දෙක හමුවී ඇත්තේ අඟුරුවාතොට කැලෑබද ප්‍රදේශයක තිබියදීය.
මෙසේ මියගොස් ඇත්තේ එම්.වාසනා කුමාරි (24) සහ ඇයගේ එකම දියණිය වූ ටෂ්මි දිලන්යා නැමැති මාස 11 වයසැති දියණිය ය.
සිද්ධිය සම්බන්ධව සැකපිට මිය ගිය කාන්තාවගේ සැමියාගේ මස්සිනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මිය ගිය කාන්තාවගේ සැමියා සිය බිරිය සහ මාස 11ක් වයසැති දියණිය අතුරුදහන් වී ඇතැයි 18 දා රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණිලි කර තිබිනි .
අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.







