හඳුනා නොගත් ඝාතකයෙක් විසින් වැලිපාර, තලවතුගොඩ නිවසකට පැමිණ ඊයේ (20) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලද පුද්ගලයා ඊයේ (20) රාත්‍රී කාලයේ දීම මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් පිස්තෝලයකින් වෙඩි තැබීමෙන් අනතුරුව පලා ගොස් ඇතැයි තලංගම පොලිිසයට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ අරඹා තිබිණි.
වෙඩි වැදුනු පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණි.
ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 41ක් පමණ වන තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීම පිළිබඳව මේ වනතුරුත් නිශ්චිත හේතුවක් වාර්තා වී නැත. තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







