සෑම ගුරු-විදුහල්පති වෘත්තීය සමිතියකම එක් නියෝජිතයෙකුට ලබන සඳුදා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බවත් ඒ සාකච්ඡාව ඉතා සුබවාදී වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේය.
ලබන 21 වනදා පාසල් විවෘත කිරීමට සූදානම් බවත්, අපේ ගුරුවරු තමන්ගේ දරුවන්ගේ මුහුණ දකින්න පාසලට එනු ඇතැයි තමන් ඉතා දැඩි විශ්වාසයකින් පසුවන බවත් ලේකම්වරයා කීවේය.
මේ අතර ගුරු සංගම් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවේදී සිය ගැටලුවට ලබාදෙන නිශ්චිත විසඳුම පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වන බවය.
මේ වනවිට දරුවන් 100ට අඩු සියලුම පාසල්වල විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති බවත් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්නේ නම් 21 වැනිදා කිසිම පාසලක් විවෘත නොවනු ඇති බවත් ගුරු සංගම් ආරංචි මාර්ග තහවුරු කළේය.







