සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකුරේගොඩ ඝාතකයින් හයිවේ එක හරහා ගාල්ලට පලා ගිහින්… ඝාතනයට යොදා ගත්   මෝටර් රථය බද්දේගමදි ගිනි තියලා…

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
fire- car
Share on FacebookShare on Twitter

අකුරේගොඩ ප්‍රදේශයේදී ප්‍රසිද්ධ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි   සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල, බද්දේගම, අගලිය ප්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා මූලස්ථානය පිහිටි අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට මීටර 500ක් නුදුරෙන් සිදුවූ මෙම ද්විත්ව ඝාතනයෙන් පසු සැකකරුවන් මාකුඹුර පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිස නිරුපද්‍රිතව ගාල්ලට පැමිණ ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ දී  අද (පෙබරවාරි 15) අලුයම සොයාගනු ලැබූවේ ගිනි ගනිමින් තිබිය දී ය.  මෙම EP KI-7738 දරන මෝටර් රථය, සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් ඝාතකයින් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබිණි.

මේ වනතුරුත් අපරාධකරුවන් පිලිබඳ හෝඩුවාවක් නැත. උන් සොයා ගැනීම සඳහා පොලිසිය ජනතා සහාය පතා තිබේ.

දැනට විදේශගතව සිටින බවට සැකකෙරෙන ‘කරන්දෙණිය සුද්දා’ (ජයලත් සිල්වා) නමැති පාතාල කල්ලි නායකයා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරයි.

මියගිය නීතිඥවරයා මීට පෙර ‘කරන්දෙණිය සුද්දා’ වෙනුවෙන් පෙනී සිටියද, මෑතකදී ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය වන ‘ලොකු පැටී’ නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම මෙම වෛරයට මුල වී ඇති බව පෙනී ගොස් තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

තම රහස්‍ය තොරතුරු ප්‍රතිවිරුද්ධ කල්ලිය වෙත නීතිඥවරයා හරහා කාන්දු වනු ඇතැයි පැවති බිය මෙම අපරාධයට ප්‍රධාන හේතුව ලෙස මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඝාතකයින් කොටු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් මේ වන විට දිවයින පුරා පරීක්ෂණ පවත්වයි.

පසුගිය පෙබරවාරි 13 වන දින සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝමාගම, අතුරුගිරිය, කොට්ටාව හෝ මාකුඹුර ප්‍රදේශ හරහා ගමන් කළ වාහන හිමියන්, තම Dashcam දර්ශන පරීක්ෂා කර ඉහත කී මෝටර් රථය සම්බන්ධ තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය – 071 8592279 අංකය ඒ සඳහා ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

Share69Tweet43
Previous Post

තුට්ටු දෙකේ සූපිං කෑලි ලවා “බෝසත්  ආණ්ඩුවට” කෙළවීමට පෙර තබන සටහනක්….

Next Post

අකුරේගොඩ දී නිතිඥවරයා ඝාතනය කිරීමේ සිද්ධිය –  වසර 14කට පසු අද දිනයේ නීතිඥ සංගමය මහා සභා රැස්වීමක් කැඳවයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.