බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් ඉරානයට පැය 48ක අවසාන නිවේදනයක්!… හැකිනම් පහර දී බලන ලෙස ඉරානය යළිත් අභියෝග කරයි!

by editor
මාර්තු 22, 2026
in පුවත්
TRUMP
Share on FacebookShare on Twitter

ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා පැය 48ක් ඇතුළත සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, ඉරානයේ විදුලි බලාගාර “මුළුමනින්ම විනාශ කරන” (Obliterate) බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

2026 මාර්තු 21 වන දින සන්ධ්‍යාවේ (ඇමරිකානු වේලාවෙන්) සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“”ඉරානය තර්ජනයකින් තොරව, මෙම නිශ්චිත මොහොතේ සිට පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විවිධ බලාගාරවලට පහර දී ඒවා මුලින්ම විශාලතම බලාගාරයෙන් ආරම්භ කරනු ඇත.”.

ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දැඩි ගැටුම්කාරී වාතාවරණය හමුවේ, ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් රැගෙන යන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය ඉරානය විසින් අර්ධ වශයෙන් වසා දැමීමට පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය උත්සන්න වී තිබේ.

මෙම පුවත සම්බන්ධයෙන් මාර්තු 21 වන දින සජීවී වාර්තාකරණයක යෙදුණු බීබීසී පුවත් සේවය, ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකළ මෙම ප්‍රකාශය තහවුරු කර ඇත. මීට අමතරව Al Jazeera, SCMP, NDTV සහ Fortune වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ද ට්‍රම්ප්ගේ ප්‍රකාශය සෘජුව උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුබිම සහ කාලසීමාව

ඉරානය විසින්  ඊයේ (21)  “සතුරු” නොවන නැව් සඳහා පමණක් සීමිත කොන්දේසි මත ගමන් කිරීමට අවසර ලබාදීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර තිබුණි. මෙම “වරණීය අවසරය” (Selective Passage) ලබා දීමේ ප්‍රතිපත්තිය මුලින්ම ප්‍රකාශයට පත් කළේ ඊයේ  දිනයේ දී ය.  ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi)   ජපානයේ කියෝඩෝ පුවත් සේවයට ප්‍රකාශ කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා නොමැති බවත්, එය වසා ඇත්තේ තමන්ට පහර දෙන “සතුරු” රටවලට පමණක් බවත්ය. මෙහිදී ජපන් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ඔහු ප්‍රථම වරට නිල වශයෙන් ඉඟි කළේය.

ජනාධිපති ට්‍රම්ප් මෙම අවසාන නිවේදනය නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුවය. ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 22 අලුයම 5:14 ට පමණ නිකුත් වූ මෙම නිවේදනයට අනුව, මාර්තු 24 වන දින අලුයම වන විට අදාළ කොන්දේසි ඉටු කිරීමට ඉරානයට කාලය තිබේ.

මීට පෙර යුද්ධය සමනය කරන බවට ට්‍රම්ප් ඉඟි පල කළ ද, මේ වන විට කලාපයට අමතර ඇමරිකානු සේනාංක යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

ඉරානයේ ප්‍රතිචාරය සහ ගෝලීය බලපෑම

අද දිනයේ (22)  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනය නිකුත් වීමෙන් පසු, ඉරාන නියෝජිත අලි මූසාවි     චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ ජපානය වැනි “සතුරු නොවන” රටවල නෞකාවලට ඉරාන බලධාරීන් සමඟ සම්බන්ධ වී ආරක්ෂිත කොරිඩෝවක් හරහා හොමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ  ගමන් කළ හැකි බවය.

ඊට අමතරව  ට්‍රම්පගේ  තර්ජනයට ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදාව ප්‍රකාශ කරන්නේ  ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ පවතින ඇමරිකාවට සම්බන්ධ සියලු බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය.

මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.    ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටී.

මේ ලිපියත් කියවන්න…

මැදපෙරදිග උණුසුම මැද හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පිළිබඳ ඉරානයෙන් විශේෂ ප්‍රකාශයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට අශාන් ප්‍රියංජන්: අවිශ්ක ඉවත් කිරීම ගැන ක්‍රිකට් ක්ෂේත්‍රය කැළඹෙයි!

Next Post

කූඨ ලෙස ඉන්ධන තොග රැස්කළ 80 හැවිරිදි ව්‍යාපාරිකයෙක් සහ 25 හැවිරිදි තරුණයෙක් දැලේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.