බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවත්තේ කෙසෙල් ගසක් ලඟ මිය ගොස් සිටි මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය ගැන කියැවෙන කතාවක්!

by editor
අප්‍රේල් 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරිමේ සිදුවීමට අදාලව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර  අධ්‍යක්ෂ  රංග රාජපක්ෂ  ඔහුගේ ගෙවත්තේ කෙසෙල් ගසක් යට මිය ගොස් තිබිය දී සිරුර පොලිසිය විසින් සොයා ගත්තේය. 

මිය ගිය සහකාර අධ්‍යක්ෂ  අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂ 50 හැවිරිදි දෙදරු පියෙකි.

ranga-rajapaksha
රංග රාජපක්ෂ

තමන් වත්ත පහළ සුද්ද කිරීම සඳහා යන බව සිය දියණියට පවසමින් අද පස්වරු 10ට පමණ ඔහු සිය නිවස පිහිටි ඉඩමේ පහළට ගොස්  තිබිණි.  නැවත ඔහු ප්‍රමාද වීම ගැන විමසෙන්නේ ගුරුවරියක වූ ඔහුගේ බිරිය පාසල් ඇරී පැමිණ දියණියගෙන් පියා ගැන විමසූ විටය.

පියා වත්ත පහළට ගිය බවත් ඉන් පසු නොපැමිණි බවත් පවසා පියා බැලීමට ගිය දියණියට ඔහු වත්ත පහළ කෙසෙල් පඳුරක් ලඟ වැටී සිටින අයුරු දැකගන්නට ලැබී ඇත. වහාම ඇය සිය මව දැනුම්වත් කර ඇති තිබේ. රංගගේ බිරිය මේ සම්බන්ධව 119 හරහා පොලිසිය දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.

කුලියාපිටිය පොලිසිය  රංග ගේ නිවසට    ඔහුගේ නිවසට ගොස් ගෙවත්ත  පරීක්ෂා කිරීමේ දී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඔහු වැටී සිටි ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පිහියක් ද හමුවී වී තිබෙන අතර වම් අතේ සහ පාද දෙකේ කැපුම් තුවාල සහිතව ඔහු මියගොස් සිටින ආකාරය පොලිසිය දැක තිබේ.  මියගොස් සිටි රංග රාජපක්ෂගේ දේහය සම්බන්ධව  පොලිස් විමර්ශනය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුවූයේ අද පස්වරුවේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය අතර…

වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබේ.

විමර්ශන අංශ පවසන්නේ පෙනෙන්නට ඇති මූලික ලක්ෂණවලින් මේ මරණය සිය දිවි හානිකරගැනීමක් බවට සැක කෙරෙන බවය. එහෙත් මරණය ප්‍රශ්න කීපයක් මතු කර ඇත. මරණය සඳහා මේ තරම් වේදනාකාරී ක්‍රමයක් ඔහු තෝරා ගත්තේ ඇයි ද යන්න ඒ අතර වේ. පොලිස් විමර්ශකයින්ට අනුව  ඔහු අසල තිබූ පිහිය තියුණු ලෙස කැපෙන පිහියක් නොවන බව නිරීක්ෂණය වී ඇත.

ඔහුගේ පසුබිම සම්බන්ධව කළ පරීක්ෂා කිරීමේ දී ඔහු දූෂිත නිලධාරියෙක් නොවන  බව අනාවරණය වී තිබේ.   මහා භාණ්ඩාගාරයේ මුදල් සයිබර් අපාරධකරුවන් සොරා ගැනීමට අදාලව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  අතිරේක අධ්‍යක්ෂ රංග  රාජපක්ෂගෙන් අවස්ථා තුනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

සේවයේ  යෙදී සිටි කාලයේ එක් වරක් ද සේවය අත් හිටවූ පසු දෙවරක් ද ලෙස මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබී ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඔහු විමර්ශනයට සහයෝගය ලබා දී තිබේ. ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබිණි. මූලික විමර්ශනයේ වාර්තා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රංග රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණේය.

කෙසේ වෙතත් රැකියාව අත්හිටුවීමෙන් පසු හෙතෙම දැඩි සිත් තැවුලෙන් පසුවී ඇති බව අනාවරණය වී තිබේ.

.රංග රාජපක්ෂ මේ විමර්ශනයට වැදගත් වන්නේ කෙසේ ද?

මෙතෙක් හෙළි වූ කරුණුවලින් අනාවරණය වී ඇත්තේ  හැකර්ලා ව්‍යාජ ඊ මේල් පණිවිඩ මගින් ලබා දුන් බැංකු ගිණුමට මුදල් බැර  කිරීමේ මුලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති  බවය.

හැකර්ලා එවන ලද පළමු ඊ මේල් පණිවිඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේත්  මිය ගිය නිලධාරියා විසිනි. ඔහු මෙම නඩුවේ වැදගත්ම සාක්ෂිකරුවෙක් බව ද විමර්ශන අංශවලට පෙනී ගොස් ඇත.

හෙට දිනය වනවිට අධිකරණ වෛද්‍ය  වාර්තාව මේ මරණය සම්බන්ධව නිශ්චිත විද්‍යාත්මක තහවුරුව ඉදිරිපත් කරනු ඇත. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

මේ ලිපියත් කියවන්න.

 ඩොලර් මිලියන 2.5ක වංචාවට වැඩ තහනම් වූ නිලධාරියෙක් හදිසියේ මියයයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමරිකාව තිගස්වන ඉරානයේ රහස් අවිය: හෝම්ස් සමුද්‍ර සන්ධියේ අලුත්ම තර්ජනය ගැන ඉරානය ඉඟි කරයි!

Next Post

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.