ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

by editor
ජූනි 22, 2026
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර (Tiana Sumanasekera) මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර තිබේ.

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය තම ක්‍රීඩා දිවියේ අභිමානවත් මෙන්ම සංවේදී සන්ධිස්ථානයක් වන බවයි.

කුඩා කල සිටම ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඇය, තමන් මුල්ම දිනයේ සිටම මෙම ක්‍රීඩාවට ආදරය කළ බව සඳහන් කරයි. පසුගිය වසර පහක කාලය තුළ අමෙරිකානු ජාතික කණ්ඩායම (Team USA) නියෝජනය කිරීමට ලැබීම තමන්ට ලැබුණු ගෞරවයක් බවත්, ඒ හරහා උදාවූ සියලු අවස්ථාවන් පිළිබඳව කෘතඥ වන බවත් ඇය පවසන්නීය.

කෙසේ වුවද, මින් ඉදිරියට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීම තමන්ගේ “නිරපේක්ෂ සිහිනයක් සැබෑවීමක්” වැනි යැයි සුමනසේකර පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තුළින් තමන්ගේ උරුමයට නිසි ගෞරවයක් ලබා දීමට මෙන්ම, ශ්‍රී ලංකාව සහ සමස්ත දකුණු ආසියානු කලාපය තුළ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් දායක වීමට අවස්ථාව ලැබෙන බව ඇය විශ්වාසය පළ කරයි.

“ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකු ලෙස, මගේ හදවත සැමවිටම මේ රටවල් දෙකටම එක හා සමානව ආදරය කරනවා,” යැයි පවසන ටියානා සුමනසේකර, තමන්ට සහය දැක්වූ සැමට ස්තුතිය පුද කරමින් ඉදිරි ක්‍රීඩා ගමන පිළිබඳව දැඩි උද්යෝගයකින් පසුවන බව ද සඳහන් කර තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!

Next Post

සර්වජන බලයේ නලීන් පතිරණට එරෙහිව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරාගෙන් කෝටි 50ක වන්දි නඩුවක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්
  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.