බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටි තැනම ඉඳගෙන කට කතා වලට උත්තර දෙන තුයියකොන්තා ගැන….

by editor
මැයි 3, 2026
in පුවත්
SAMPATH-T
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවට පිවිසීමට හෝ සක්‍රීය දේශපාලනයේ නිරත වීමට බලාපොරොත්තු නොවන බව ඉතා පැහැදිලිව  කීවේය.

ඊයේ (මැයි 02) මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා විහාරීය මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.  මේ ප්‍රකාශය මගින් තහවුරු වූයේ තුයියකොන්තා නියෝජ්‍ය ආරක්ෂක ඇමති ලෙස දේශපාලනයට පිවිසෙන බවට පලවන ප්‍රකාශවල පදනමක් නොමැති බවය.

 පැතිර ගිය දේශපාලන කටකතා සහ පසුබිම

පසුගිය අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට මෙරට ඉහළ පෙළේ ආරක්ෂක තනතුරුවල වෙනසක් සිදුවන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ විය. එම වාර්තාවල සඳහන් වූයේ සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගැනීමට සූදානම් වන බවය.

එමෙන්ම වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත්, ඉන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සම්පත් තුයියකොන්තා පත් කරනු ඇති බවටත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.  මේ ඉල්ලා අස්විම සිදුවන බව කියැවුනේ පාස්කු විමර්ශන සම්බන්ධව කතෝලික පල්ලිය විසින් එල්ල කළ විරෝධතාවයන් හේතුවෙන් බව ද එම වාර්තා කීවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එහෙත් මෙම සියලු පුවත් අසත්‍ය බව දැන් ආරක්ෂක ලේකම්වරයා  විසින්ම තහවුරු කර ඇත.

 මෙම දේශපාලන වෙනස්කම් පිළිබඳව පළ වූ වාර්තාවල තවත් විශේෂ කරුණක් වූයේ, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත් කිරීමට නියමිත බවය. සමාජයේ පැතිරුණ කතාවක් වූයේ  ජෙනරාල් රත්නායක වෙත එම යෝජනාව ඉදිරිපත් වුවද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවය.

 සම්පත් තුයියකොන්තා

2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයට පත් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස දීර්ඝ කාලයක් මව්බිමට සේවය කර ඇති ඔහු, අතිශය දක්ෂ මෙන්ම ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි.

ඊයේ කරන ලද මෙම ප්‍රකාශයත් සමඟ තමන් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙන බවට පළවූ සියලු අනුමාන කිරීම්වලට ඔහු නැවතීමේ තිත තබා ඇත. ඒ අනුව ඔහු තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇත.  සමාජය දේවල් ගොතා නිර්මාණය කරගන්නා වේගයෙන් ඇත්ත ලෝකයේ අමුතු දේවල් සිද්ධ වන්නේ නැති බව දැන් තේරුම් ගත යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුඛෝපභෝගී රියකින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් රණවනදී කොටුවේ!

Next Post

“රටේ ආයතන 100කට වඩා පරිගණක පද්ධති ප්‍රාථමිකයි… අනාරක්ෂිතයි…” ඇමති බිමල් කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.