සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඊලඟ මැයි දිනය තියන්නේ සජබ මහ ඇමතිවරුන් එක්ක… මාලිමාව පන්නා දමන බව මැයි දිනය දා සජිත් කැට දමා කියයි…

by editor
මැයි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හැකි නම්  පළාත් සභා ඡන්දය කල් නොදමා දැන්ම පවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජු අභියෝගයක් ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

මෙය හුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් නොව, ආණ්ඩුවේ ජනතා ප්‍රසාදය උරගා බැලීම සඳහා තමන් සිදුකරන සැබෑ අභියෝගයක් බවත්, ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් පසු එළඹෙන මැයි රැලිය සමගි ජන බලවේගයේ මහ ඇමතිවරුන් සමග සමරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.  විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (01) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන සන්ධානයේ මැයි දින රැලිය අමතමිනි.

වත්මන් පාලනය පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කරමින් ඔහු කියා සිටියේ, අද වන විට මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය සියලු ආයතන සහ අධ්‍යාපනය විනාශ කර ඇති බවය. වරායෙන් කන්ටේනර් පන්නමින් සහ බාල ගල්අඟුරු ගෙන්වමින් සිදුකළ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් රජය මෙතෙක් වගකීමක් ගෙන නොමැති බවත්, රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකා ඇති බවත් ඔහු චෝදනා කළේය. හොරු අල්ලන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අද කරන්නේ අලුතින් හොරු නිර්මාණය කිරීම බවද හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විටත් එක්වී හමාර බව මෙහිදී අනාවරණය කළ විපක්ෂ නායකවරයා, මෙම මැයි රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.

පක්ෂ දෙක එක්ව ඉදිරි ගමනක් යාම සඳහා හිටපු ජනාධිපතිවරයා කමිටුවක් යෝජනා කර තිබුණද, පක්ෂ දෙක දැනටමත් එක්වී ඇති බැවින් එවැනි කමිටු අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් පිරිස් කමිටු හරහා මෙම එක්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළද, එවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට මින් ඉදිරියට ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට තම සන්ධානය සූදානම් බව පැවසූ සජිත් ප්‍රේමදාස, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව අමතක කළ දේශපාලන සංස්කෘතිය වෙනුවට විසඳුම් සපයන නව දේශපාලන ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙසේ ද  පැවසුවේය.

“අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය ආයතන සියල්ලක්ම විනාශ කරලා, අධ්‍යාපනය විනාශ කළා, වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා, ගල්අඟුරු හොරකම් කළා බාල ගල්අඟුරු ගෙනාවා අදටත් ඒ පිළිබඳව නිසි වගකීමක් කවුරුත් අරගෙන නෑ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගෙන නෑ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට ඕනේ නෑ. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා කියලා. හැබැයි හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා, අලුතින් හොරු නිර්මාණය කරනවා. මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලිබල ඇමති ඒ පුටුවේ ඉඳගෙන බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය නොසිටින්න අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා.

අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වළල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන කාර්ටෙල් එකක් නිර්මාණය වෙලාලු හැබැයි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පච වළල්ල. පැලවත්තේ පච වළල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ. මේ මැයි දිනේට අපි එනකොට අනෙකුත් මැයි දිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවාම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමගි ජනබලවේග නායකත්වය තුළ මේ පච වැඩ කරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන රාජ්‍ය පාලනයකට අපි මුළ පුරණවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.රටට අවශ්‍ය ජනතාවට විසඳුම්, ජනතාවට මුහුණ දෙන ගැටලුවලට උත්තර. අපි සූදානම් මේ උත්තර සපයන්න. අපේ රටේ ගොවි, ධීවර, කම්කරු, ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාව දුගී දුප්පත් ජනතාව අද අන්ත අසරණභාවයට පත්වෙලා. කාන්තා පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, ළදරු පරපුර අද අන්ත අසරණභාවයට පත්වෙලා. අද මැද පන්තියට, වෘත්තියවේදීන්ට, වෘත්තිකයින්ට අද තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වහලය තිබුණු ටකරම අහිමි වුණු අය ලක්ෂ 10 බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඉඩමක් නිවසක් අහිමි වුණ අය දෙනවායි කියපු රුපියල් කෝටිය ලැබෙනකන් බලන් ඉන්නවා. අද රටේ හැමෝටම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වුණු ජනතාව අමතක කරපු දේශපාලන සංස්කෘතියක් අද රටේ තිබෙන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට අලුත් වෙන්න ඕනේ, නවීකරණය වෙන්න ඕනේ, සුපුරුදු රාමුවට කොටු වෙලා 76 වසරක පරණ දේශපාලන ක්‍රමය වෙනුවට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලකට යොමුවෙන්න ඕනේ. ඒ නිසා සක්වල, හුස්ම වැඩසටහන් අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා ඒ විතරක් නෙමෙයි ස්මාර්ට් රටක් ගොඩනගන්න සුහුරු ක්‍රමවේද අපි ක්‍රියාත්මක කරලා අලුත්ම ව්‍යාපෘතියක් හැටියට පාසල් පදනම තුළ AI අධ්‍යාපනය ලබා දෙන්නත් අපි ඒ වැඩපිළිවෙලත් ආරම්භ කරනවා.

සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමග එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කථානායකව සති කිහිපයක් තුළ ගෙදර යැව්වා. ඒ විතරක් නෙමෙයි බාල ගල්අඟරු අපේ රටේ ලක්විජය බලාගාරයට යොමු කරපු ඇමතිවරයාවත් ගෙදර යැව්වා, ලේකම්වත් ගෙදර යැව්වා. විවිධ කණ්ඩායම් ඉන්නවා රජයේ කොන්ත්‍රාත් කරනවා, ආණ්ඩු වෙනුවෙන් විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵළ ඇති රුකටයි ගල් ගහන්නේ. පැහැදිලිව මම කියන්න කැමති රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්‍රගතිශීලී සියලුම දෙනාත් සමග අත්වැල් බැඳගෙන ජනතා විමුක්ති පෙරමුණු පාලනය තුළ කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.

අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලේ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ.

මම කියන්න කැමතියි අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න. කල් අරගෙන නෙමෙයි දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි මේක අභියෝගයක්. මේ අතිසාර්ථක මැයි දින රැලිය ඔබ සියලු දෙනාගේම ශක්තිය තුළ සාර්ථක මැයි රැලියක් බවට පත්වුණා. පළාත් සභා මැයි රැලිය තියන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමෝ ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමගයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුව හැදුවේත් ජනතාවයි… රකින්නේත් ජනතාවයි… ජනතාව පමණයි… ජනපති නුවර එළියේ මැයි දින රැළිය අමතා කියයි!

Next Post

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂගේ මරණය සියදිවි නසාගැනීමක් බව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය තහවුරු කරයි: මරණ පරීක්ෂණයේ සම්පූර්ණ විස්තරය මෙන්න!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.