ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් නිර්මාණය වී ඇති බලශක්ති අර්බුදය පිළිබඳවයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට සහ මෙරට ආර්ථිකයට එල්ල කළ හැකි බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
එමෙන්ම, මතු විය හැකි ඕනෑම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය මේ වන විටත් ගෙන ඇති පූර්ව සූදානම් සහ ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට කටයුතු කළේය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් සහභාගී වී සිටියහ.







