බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොලොන්නාවෙන් බවුසර් හිස් අතින් හැරී යන්නේ ඇයි?: ඉන්ධන බෙදාහැරීමේ තත්ත්වය ගැන කළමනාකාර අධ්‍යක්ෂගෙන් පැහැදිලි කිරීමක්!

by editor
මාර්තු 21, 2026
in පුවත්
fuel-truck
Share on FacebookShare on Twitter

අද (21) සහ හෙට (22) දිනවලදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම් සිදුකරන බව ප්‍රකාශ කර තිබුණ ද, අද උදෑසන කොලොන්නාව පර්යන්තයට පැමිණි ඉන්ධන බවුසර් වෙත ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ඒවා ආපසු හැරී යන ආකාරය දක්නට ලැබුණි.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර විසින් ඊයේ (20) ප්‍රකාශ කර තිබුණේ සති අන්තයේ ද අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම් සිදුකරන බවය. එසේ වුවද, ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි බවුසර් රථ හිමියන් පවසන්නේ තමන්ට ඉන්ධන නොලැබුණු බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඊයේ රාත්‍රිය වන විට සාමාන්‍ය දෛනික අවශ්‍යතාවය මෙන් දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කර අවසන් කර ඇති බව යැයි අද දෙරණ වාර්තා කර ඇත.

“ඊයේ රාත්‍රිය වන විට ඩීසල් මෙට්‍රික්ටොන් 10,000කට අධික ප්‍රමාණයක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7,000ක් අපි නිකුත් කළා. සාමාන්‍යයෙන් දිනකට නිකුත් කරන්නේ ඩීසල් මෙට්‍රික්ටොන් 4,880ක් වැනි ප්‍රමාණයක්. ඒ අනුව අද දිනට නිකුත් කිරීමට තිබූ ඇනවුම් බොහොමයක් ඊයේ රාත්‍රිය වන විටම පිටත් කර හැරීමට අප පියවර ගත්තා,” යැයි ඔහු පවසා ඇත.

අද උදෑසන කාලයේදී ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ අත්‍යාවශ්‍ය  සේවා, ලංගම ඩිපෝ, විදුලි බලාගාර සහ ගුවන් යානා ඉන්ධන බෙදාහැරීම සඳහා බවත්, පස්වරු කාලයේදී අවශ්‍යතාවය පරිදි අනෙකුත් ස්ථාන සඳහා ඉන්ධන නිකුත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සපුගස්කන්ද, කොලොන්නාව සහ මුතුරාජවෙල යන ප්‍රධාන පර්යන්ත තුනම විවෘතව පවතින අතර, මැයි මස මුල් සතිය දක්වා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් අනියත බියක් ඇති කරගත යුතු නැති බව ද සංස්ථාව අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්!

Next Post

ඉරානයෙන් ඉන්දීය සාගර කලාපයේ පිහිටි දියේගෝ ගාසියා අමෙරිකානු කඳවුරට මිසයිල ප්‍රහාරයක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.