බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් ඉන්දීය සාගර කලාපයේ පිහිටි දියේගෝ ගාසියා අමෙරිකානු කඳවුරට මිසයිල ප්‍රහාරයක්!

by editor
මාර්තු 21, 2026
in පුවත්
Iran
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල-

ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් උපායමාර්ගික මධ්‍යස්ථානයක් වන දියේගෝ ගාසියා (Diego Garcia) ඒකාබද්ධ අමෙරිකානු-බ්‍රිතාන්‍ය හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය  බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් විසින් ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා දියේගෝ ගාසියා කඳවුර භාවිතා කිරීමට අමෙරිකාවට අවසර ලබා දී පැය කිහිපයක් ගත වන්නටත් මත්තෙන් වීම විශේෂත්වයකි. ඉරාන ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාරවලට ‘පූර්ව ආරක්ෂිත පිළිතුරක්’ (Preemptive strike) ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරානයේ ‘මෙහර්’ පුවත් ඒජන්සිය තහවුරු කරයි.

B-2 යානා පැමිණීම සහ ඉරානයේ ක්‍රියාමාර්ගය

පසුගියදා චන්ද්‍රිකා ඡායාරූප මඟින් අනාවරණය වූයේ ලොව දියුණුම රේඩාර් පද්ධති පවා මඟ හැර යා හැකි, ‘අහසේ අවතාර’ ලෙස හැඳින්වෙන අමෙරිකානු B-2 ස්පිරිට් (B-2 Spirit) බෝම්බ හෙලන යානා 03ක් දියේගෝ ගාසියා කඳවුරට ගොඩබස්වා ඇති බවයි. ඉරානයේ භූගත පරමාණුක මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් මෙම යානා රඳවා ඇති බවට සැකකෙරේ.

ටෙලිග්‍රාෆ් පුවත්පතට අදහස් දැක්වූ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ තර්ජන දැඩි වුවහොත් මෙම දූපතට ප්‍රහාර එල්ල කරන ලෙස ඉරාන හමුදා ප්‍රධානීන්ට උපදෙස් දී තිබූ බවයි.

මිසයිල ප්‍රහාරයේ ස්වභාවය

ඉරාන භූමියේ සිට කිලෝමීටර 4,000කට වඩා දුරින් පිහිටි දියේගෝ ගාසියා ඉලක්ක කර අතරමැදි දුර බැලස්ටික් මිසයිල (IRBM) දෙකක් එල්ල කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

  • පළමු මිසයිලය: ගුවනේදී තාක්ෂණික දෝෂයකට ලක්ව විනාශ වී ඇත.
  • දෙවන මිසයිලය: අමෙරිකානු යුද නෞකාවකින් එල්ල කළ SM-3 අන්තර්ග්‍රහක මිසයිලයක් මඟින් විනාශ කළ බවට හෝ එයද ඉබේම විනාශ වූ බවට වාර්තා වේ.

ඉරාන නිලධාරීන්ට අනුව, මෙම මිසයිල එල්ල කිරීමේ එක් අරමුණක් වී ඇත්තේ හානියක් කිරීමට වඩා, “අප ඕනෑම අවස්ථාවක සූදානම්” යන පණිවුඩය අමෙරිකාවට ලබා දීමයි.

බටහිර බලවතුන් තැති ගත් ඉරාන තාක්ෂණය

මීට පෙර ඉරානය ප්‍රකාශ කර තිබුණේ තමන් සතු මිසයිලවල පරාසය කිලෝමීටර 2,000කට සීමා කර ඇති බවයි. එහෙත් කිලෝමීටර 4,000ක් පමණ දුරින් පිහිටි දියේගෝ ගාසියා වෙත මිසයිල එල්ල කිරීමෙන් ඉරානය සතු දිගු පරාසයක විහිදුණු මිසයිල ශක්තිය ලොවට ප්‍රදර්ශනය කර තිබේ. මෙය යුරෝපයේ ඕනෑම ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තහවුරු කරන්නක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. ප්‍රහාරය අසාර්ථක වුවද මේ හරහා ඉරානය සිය සතුරු බලවේග වෙත ලබා දි ඇති පණිවිඩය  ප්‍රබලය බව විචාරකයෝ කියති.

අමෙරිකානු බෝම්බ හෙලන යානා, න්‍යෂ්ටික සබ්මැරීන සහ මිසයිල නෞකා රඳවා ඇති දියේගෝ ගාසියා කඳවුර ඉලක්ක වීමත් සමඟ, මැදපෙරදිග කේන්ද්‍ර කරගත් ගැටුම ඉන්දීය සාගර කලාපය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ධවල මන්දිරය හෝ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, මෙය කලාපීය ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන සන්ධිස්ථානයක් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොලොන්නාවෙන් බවුසර් හිස් අතින් හැරී යන්නේ ඇයි?: ඉන්ධන බෙදාහැරීමේ තත්ත්වය ගැන කළමනාකාර අධ්‍යක්ෂගෙන් පැහැදිලි කිරීමක්!

Next Post

ඇමරිකාවට අවි අලෙවිය ස්විට්සර්ලන්තය වහාම නවත්වයි: හේතුව මෙන්න!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.