බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජනතාවගේ දායකත්වය ඉල්ලයි: ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්!

by editor
මාර්තු 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට දෛනික බලශක්ති පරිභෝජනය උපරිම වන පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනතාවගේ දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අභියෝග ජය ගැනීමට සාමූහික වගකීමක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එවන් පසුබිමක බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට දායක වීම ආයතනික මෙන්ම පුද්ගල මට්ටමින් ද සැම දෙනා සතු වගකීමක් බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අංශයට නව මාර්ගෝපදේශ

පසුගිය සති කිහිපය තුළ බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් රජය ගත් තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් රාජ්‍ය සේවය සඳහා ලබාදිය යුතු නව මාර්ගෝපදේශ පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කිරීම සඳහා එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ප්‍රදර්ශන පුවරු සහ වීදි ලාම්පු සීමා කිරීම

විශාල වශයෙන් විදුලිය වැයවන ප්‍රචාරක පුවරු (Billboards) සහ අලංකරණ විදුලි පද්ධති භාවිතය සීමා කිරීම මඟින් රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

නාගරික ප්‍රදේශවල අනවශ්‍ය වීදි ලාම්පු නිවා දැමීම සහ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි. මේ සඳහා අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව සියලු පාර්ශ්ව එක්ව කඩිනම් තීන්දුවකට එළඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග තත්ත්වය සම්බන්ධ අනුර සහ මෝදි අතර දුරකථන සංවාදයක්!

Next Post

ADB වෙතින් ශ්‍රී ලංකාවට අමතර මූල්‍ය ප්‍රතිපාදන: ඩොලර් මිලියන 380 සීමාව 480 දක්වා ඉහළට!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.