නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ලක් රජය විසින් සිදු කරනු ලැබූ ණය පියවීමක් අදාළ ණයකරු වෙත නොව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු නිසා මේ සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඔස්ට්‍රේලියාවට ණය ගෙවීමේදී අතුරුදන් වූ ඇ. ඩොලර් මිලියන 2.5ක මුදල ගැන ප්‍රශ්න කරමිනි.
දේශීය හා විදේශීය රාජ්‍ය ණය කළමනාකරණයට අදාළ දැනට පවත්නා නීති හා එම නීති බලාත්මක කිරීමට වගකීම ඇති ආයතන ඉදිරිපත් කරන ලෙසත්, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මත වූ දින සිට අද දක්වා ණය ගෙවීම් කළමනාකරණ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ආයතන අතර වෙනස් වූ ආකාරය දින වකවානු සහිතව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සඳහා වගකිවයුතු නිලධාරීන් කවුද? – රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වාර්තා කළ පරිදි ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීම් 10ක් තුළ අහිමි වී ඇති බවත්, දැනට සනාථ කරගත් තොරතුරු අනුව එම එක් එක් ගෙවීම් සිදු කළ දිනයන් ඉදිරිපත් කරන ලෙසත් මෙවැනි ණය ගෙවීම් සිදු කිරීමේ සම්මත ක්‍රියාපටිපාටියේ පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. එමෙන්ම එම පියවරයන්හි වගකිවයුතු ආයතන හා නිලධාරීන් කවුද සහ මෙම වැරදි ගෙවීම් සඳහා දැනට හඳුනාගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඉදිරිපත් කරන ලෙස ද ඔහු පැවසීය.
මීට අමතරව තවත් මුදල් ගනුදෙනු රැසක ප්‍රශ්න තිබෙනවා නේද? – මෙම ඩොලර් මිලියන 2.5 අහිමි වීමත් සමඟ අමෙරිකානු තැපැල් සේවයට ගෙවූ ඇ. ඩොලර් ලක්ෂ 6ක ගැටලුවක් සේම, ‘අස්වැසුම’ වැඩසටහනේ ද දෙවරක් ගෙවීම් සිදුව ඇති බවට වාර්තා වන නිසා ඒ පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. තවද ප්‍රංශ රජයෙන් ලබාගත් ණය මුදලකට අදාළ ණය පත්‍රිකා පවා අතුරුදන් වී ඇති බවට වාර්තා වන බැවින් ඒ පිළිබඳව ද පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
ජනවාරියේ අනාවරණය වූ මේ සිදුවීම පාර්ලිමේන්තුවට වාර්තා නොකළේ ඇයි? – මෙම සිදුවීම අනාවරණය වූ දිනය, එදින සිට මුදල් රෙගුලාසි 103 සිට 109 දක්වා සහ 156ට අනුව වෙන් වෙන් වශයෙන් ගත් ක්‍රියාමාර්ග දින වකවානු සහිතව ඉදිරිපත් කරන ලෙසත්, එහි වාර්තා සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය. අද දක්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම රජය මගහැරියේ කුමන හේතු නිසාදැයි දැන ගැනීමට අවශ්‍ය බවත්, ජනවාරි මස සිදු වූ මෙම සිදුවීම්වලට අදාළව රජය මේ වන තෙක් පාර්ලිමේන්තුවට වාර්තා නොකළ නිසා විවිධ සිවිල් ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් අනාවරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න ප්‍රමාද වූයේ? – 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව මුදල් අමාත්‍යාංශය ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත්, ඔස්ට්‍රේලියානු ආයතනයේ නිල ඊමේල් ලිපිනයට සමාන ලිපිනයකින් ලැබුණු උපදෙස් මත ගෙවීම් විස්තර වෙනස් කළේ කෙසේදැයි ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙහිදී සත්‍යාපනයක් සිදුව ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත්, රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව විශාල මුදලකට අදාළ ගෙවීම් විස්තර වෙනස් කරන්නේ නම් එය ස්වාධීන ක්‍රමයක් හරහා තහවුරු කර ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. අදියර 14ක් තිබියදී පවා මෙය සිදු වූ ආකාරය පැහැදිලි කළ යුතු බවත්, මෙය හෙළිදරව් වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති වීම පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවත් ඔහු පැවසීය.
ණය පැහැර හැරීමෙන් මිදීමට රජය ගත් ක්‍රියාමාර්ග කවරේද? – මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ දිනය, පැමිණිලි අංකය සහ පැමිණිල්ල ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න හෙළි කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. වාර්තා වන ආකාරයට මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මෙම පැමිණිලි ඉදිරිපත් කළා යැයි කියන කතාවල සත්‍ය අසත්‍යතාව දැන ගැනීමට අවශ්‍ය බවත්, දැනට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එමෙන්ම මෙම මුදල් අස්ථානගත වීමත් සමඟ අයි.එම්.එෆ්. ගිවිසුම ප්‍රකාරව තාක්ෂණික ණය පැහැර හැරීමක් සිදු කර ඇත්නම් ඉන් මිදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරුවල සිටියදී පරීක්ෂණ ස්වාධීනව සිදු කරන්නේ කෙසේද? – ඉතිහාසයේ බරපතළම වගකීම් විරහිත මෙම ගනුදෙනුවට අදාළ කාර්ය අධීක්ෂණය හා කළමනාකරණය කරනු ලැබූ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් රාජකාරි පැහැර ඇති බවත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා වගකිවයුතු නිලධාරීන් තවදුරටත් තනතුරුවල රඳවා ගෙන සාධාරණ පරීක්ෂණයක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.







