බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Next වැහුවේ ආණ්ඩුවෙ ප්‍රශ්නයක් නිසා නෙමෙයි… සේවකයින්ගේ අයිතීන් සුරක්ෂිතයි… කම්කරු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
මැයි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක පිහිටි Next Manufacturing (Pvt) Ltd ආයතනය වසා දමන්නට එහි පාලන අධිකාරිය තීරණය කරන්නේ රජයේ ප්‍රතිපත්ති සම්බන්ද ගැටලුවක් නිසා නොව ඔවුන් ආයතනයක් ලෙස ගත් ව්‍යාපාර තීන්දුවක් නිසා බවත් එම ව්‍යාපාර තීන්දුව ගැනීමට හේතුව ලෙස පාලන අධිකාරිය පෙන්වා දෙන්නේ 2019 සිට මේ දක්වා ඩොලර් මිලියන 10කට අධික පාඩුවක් එම ආයතනයට විඳින්නට සිදුවීම නිසා බවත් කම්රු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද පාර්ලිමේන්තුවට කීවේය.

ඔහු කීවේ සේවය අවසන් කර ඇති සේවකයින්ට අනුමත වන්දි මුදලට වඩා වන්දි මුදලක් ලබා දීමට මෙන්ම එම සේවකයින්ට කටුනායක වෙළෙඳ කලාපය තුළම රැකියා අවස්ථා ලබා දෙන්නට Next Manufacturing (Pvt) Ltd ආයතනය මැදිහත් වී ඇති බවය. මෙසේ වසා දමන Next Manufacturing (Pvt) Ltd ආයතනය වසර 47ක් තිස්සේ මේ රටේ ආයෝජනය කළ බ්‍රිතාන්‍ය සාමාගමකි.

අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කරමින් මෙම කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන්  නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතර  මෙසේ ද පැවසීය.

“Next කර්මාන්ත ශාලාව වසා දැමීමේ සිද්ධිය අපට වාර්තා වුනේ 20 දා රාත්‍රියෙ. ඒ ආරංචිය පැමිණි අවස්ථාවේ සිට කම්කරු අමාත්‍යාංශය ලෙස ඉහළම මැදිහත්වීම අප සිදුකළා. අප වෘත්තීය සමිතියත් සේවකයිනුත් සමග සාකච්ඡා කළා 21 වැනිදා. ඊයේ දවස තුළ පැයකට අධික කාලයක් මේ ආයතනයේ පාලන අධිකාරිය සමග හා බීඕඅයි එක සමග කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාකච්ඡා කළා.

Next Manufacturing (Pvt) Ltd ආයතනය වසා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හමුවුනා. ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරන දේ තමයි පසුගිය 2019 සිට 2025 දක්වාම ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කළ විදිහට ඩොලර් මිලියන 10කට ආසන්න පාඩුවක් සිදුවෙලා තියනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේ වසා දැමීමට තීරණය වෙන්නේ මේ ආණඩුවේ ක්‍රියාවලිය නිසා හෝ සේවකයින්ගේ ක්‍රියාවලිය නිසා නෙමෙයි. හුදෙක් ඔවුන්ගේ ව්‍යාපාරික උවමනාවන් මත ගත්ත තීන්දුවක් ලෙසයි ඔවුන් මෙය අර්ථ දක්වලා තියෙන්නේ.

ඒ නිසා මේ ආයතනය විශේෂයෙන්ම හදිසියේ මෙවැනි තීරණයක් ගත්තේ ඇයි කියන කාරනාව. මා සොයා බලද්දි අපේ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරියෙක් මුණගැහිලා පසුගිය වසරේ අග භාගයෙත් මේ වසරේ මාර්තුවලත් යම් සාකච්ඡාවක් කරලා තියනවා.

ඔවුන්ගේ පැත්තෙන් යම් ඉල්ලීමක් කරලා තියනවා ඔවුන්ගේ මේ තීරණය සම්බන්ධව සේවකයින්ගෙ පැත්තෙන් යම් නොසන්සුන් තාවයක් ඇති වෙන්න පුලුවන් කියන කාරණය.

මොකද මම දැක්කා  ඊයේ එක පුතානෝ කෙනෙක් අපේ ආණ්ඩුව ආවට පස්සේ මේ ආයතන වැසීම ගැන මහා ගෝරනාඩුවක් කරනවා. නමුත් 2022 එයාලගෙ බාපොච්චිලා මේ රට කරද්දි දින 17ක් මේ ආයතනය ඇතුළෙ වැඩ වර්ජනයක් සිද්ධ වෙලා තියනවා. ඒ වැඩ වර්ජනය ඇතුළෙ පාලන අධිකාරිය යම් කම්පනයකට පත් වෙලා තියනවා. ඒ නිසා ඔවුන්ගෙ පැත්තෙන් මේ ගැන සේවකයො දැනුම්වත් කරන්න යම් අදිමදි කමක් දක්වලා තියනවා.

කෙසේ වෙතත් මේ ආයතනයේ කටුනායක නිශ්පාදන අංශයේ 1434ක් සේවය කරනවා. එකෙන් 1341ක් සේවය අවසන් කරන්න තීරණය කරලා තියනවා. කටුනායක එම්බ්ලිෂ්මන්ට් අලංකරණ ඒකකය 160ක් සේවය කරනවා. ඉන් 50ක සේවය නිමා කරන්න තීරණය කරලා තියනවා. කටුනායක අලංකරණ ඒකකයේ 82න් 25ක සේවය නිමා කරන්න තීරණය කරලා තියනවා.

නමුත් අඬිගම සහ නවගත්තේගම කර්මාන්ත ශාලා දෙකේ 1149ක් ඉන්නවා. ඒ සියලු දෙනාගෙම සේවය ඒ විදිහට ආරක්ෂා කරන්නත් ඔවුන් තීරණය කරලා තියනවා.

ඒ වගේම ඔවුන්ගේ පැත්තේන්… අපේ රටේ තියනවා සේවය අවසන් කිරීමේ පනත. ඒ පනතට අනුව ලබා දිය යුතු වන්දිය ඉක්මවා යන වන්දියක් මේ සේවකයින්ට ලබා දෙන්න ඔවුන්ගේ පැත්තෙන් තීරණය කරලා තියනවා.

ඊට අමතරව වසර 2ට අඩුනම් මාස 1ක අමතර වැටුපකුත්, වසර 2 සිට 5 දක්වා මාස තුනක් ආදී වශයෙන් ඉහළට අමතර වන්දියක් ලබා දෙන්නත් ඔවුන් තීරණය කරලා තියනවා.

මේ විදිහට තමයි මේ ආයතනය ඔවුන්ගේ පැත්තෙන් කටයුතු කරලා තියෙන්නේ.
ඒ වගේම ඔවුන් ඊයේ දවසේ පැහැදිලිවම ප්‍රකාශ කළා ඔවුන් කටුනායක අවට තිබෙන ආයතනවල මේ සේවකයින්ට නැවත ලබා දීම වෙනුවෙන් මැදිහත් වීම් කරලා තියනවා.

දැනට 1416ක් රැකියා අහිමි වෙනකොට 1900ක් ප්‍රමාණයක ඉල්ලීම් දැනටමත් ලැබිලා තියනවා. මේ සේවකයින්ට වෙනත් ආයතනවලට රැකියා ලබා දෙන්න.

ඒ නිසා ඔවුන්ට සේවා ව්‍යවස්ථාවෙන් ලැබෙන වන්දියට වඩා වැඩි වන්දියක් ලබා ගන්නත් නැවත රැකියා ලබා දෙන්නත් මේ ආයතන පැත්තෙන් සාකච්ඡා කරනවා. අද හවස 2 සේවක පාර්ශවය සමග නැවත සාකච්ඡා කරන්න සූදානම් කරලා තියනවා. නියෝජ්‍ය කම්කරු ඇමතිවරයා කීවේය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්තරන් T-56 සිද්ධිය – දුමින්ද දිසානායක අත් අඩංගුවට…

Next Post

පොලිස් රාජකාරියට බාධා කළ අම්පිටියේ සුමනරතන හිමි අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.