මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව මංගලාරාමාධිපති අංපිටියේ සුමනරතන හිමියන් අද (23) අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඊයේ උහන පොලිසියට ගොස් කලහකාරී ලෙස හැසිරෙමින් රාජකාරිවලට බාධා කරන ආකාරයට හැසිරීම සම්බන්ධව උන්වහන්සේට චෝදනා එල්ල වී තිබේ.
සුමනරතන හිමියන් අද අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුමනරතන හිමියන් උහන පොලිසියට කඩා වැදී එහි රථවාහන රාජකාරියේ නියුතු නිලධාරීන්ට බැණ වදින්නේ අවුරුදු 12ක දැරියක් සහ අවුරුදු 07ක දරුවෙක් රැගෙන යතුරු පැදියකින් පැමිණි ඒ දරුවන්ගේ පියා අත් අඩංගුවට ගෙන දරුවන් අනාරක්ෂිතව නොදන්නා පුද්ගලයෙකුට භාරදීම සම්බන්ධව ප්රශ්න කරමිනි.
එම දරුවන් දෙදෙනා සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උහන පොලිසිය මගින් නිවසට ගොස් භාරදීම ඇති බවද පොලිසිය කියයි.
මේ දැක්වෙන්නේ සුමනරතන හිමියන් කලහකාරී ලෙස පොලිසියේ හැසිරෙන ආකාරයයි.







