සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

by editor
ජූනි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවේ පළමු වැනි විත්තිකරු වන නවුෆර් මවුලවී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී ඇති පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) තීරණය කළේය.

සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන, මෙහොමදු ඊබ්‍රහීම් මොහොමදු නවුෆර් හෙවත් අබු හෙයිබ් හෙවත් අබු සරීන් හෙවත් නවුෆර් මවුලවී නමැති මෙම විත්තිකරු 2019 නොවැම්බර් 11 වැනිදා CID මූලස්ථානයේ දී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා ඉදිරියේ මෙම ප්‍රකාශය ලබා දී තිබුණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව, ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අදාළ කටඋත්තරය ස්වේච්ඡාවෙන් ලබා දී ඇතිද යන්න විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ‘වෝයර් ඩයර්’ (Voir Dire) සත්‍යතා පරීක්ෂණයක් පවත්වා තිබූ අතර, එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක් බවට තහවුරු කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් හතර දෙනෙකුගේම පාපොච්ඡාරණ මේ වන විට ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බවට අධිකරණය හමුවේ තහවුරු වී ඇත. ඒ අනුව පළමු විත්තිකාර නවුෆර් මවුලවී, 7 වැනි විත්තිකාර මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකාර මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් සහ 11 වැනි විත්තිකාර කාලිඛ් සමීර් යන අයගේ පාපොච්ඡාරණ එලෙස ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා බවට නිගමනය කර තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ අතර නඩුවේ 18 වැනි විත්තිකරු වන රාසික් රාසා හුසේන්ගේ පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් ලබා දී ඇත්ද යන්න පිළිබඳ අධිකරණ නියෝගය ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

“Voir Dire” පරීක්ෂණයක් යනු කුමක් ද?

“Voir Dire” යනු පැරණි ප්‍රංශ බසින් බිඳී ආ වචනයකි. එහි සරල අර්ථය “ඇත්ත ප්‍රකාශ කිරීම” (To speak the truth) යන්නයි. නීති ක්ෂේත්‍රයේ දී, විශේෂයෙන්ම අපරාධ නඩුවක ප්‍රධාන සාක්ෂි විභාගයට පෙර, යම් සාක්ෂියක් හෝ පාපොච්ඡාරණයක් අධිකරණය ඉදිරියේ සාක්ෂියක් ලෙස පිළිගත හැකිද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පවත්වන “නඩුවක් ඇතුළේ පවත්වන තවත් කුඩා නඩු විභාගයක්” (Trial within a trial) වැනි විශේෂ සත්‍යතා පරීක්ෂණයක් ලෙස Voir Dire තේරුම් ගත හැකිය. .

ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥාපනත අනුව, මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය සහ එහි වැදගත්කම සරලව මෙසේ පෙළගස්වා දැක්විය හැකිය.

  1. ‘වෝයර් ඩයර්‘ පරීක්ෂණයක් පවත්වන්නේ ඇයි?

ලංකාවේ නීතියට අනුව විත්තිකරුවෙකු පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දෙන පාපොච්ඡාරණයක් නඩුවක සාක්ෂියක් ලෙස කෙලින්ම භාවිත කළ නොහැක. එය සාක්ෂියක් ලෙස පිළිගැනීමට නම්, විත්තිකරු එය ලබා දී තිබිය යුත්තේ තම ස්වේච්ඡාවෙන්ම (Voluntarily) පමණි.

යම් හෙයකින් විත්තිකාර පාර්ශවය, “මෙම ප්‍රකාශය  මා ලබා දුන්නේ   පොලිසිය මට තර්ජනය කර, පහර දී හෝ බියගන්වා  ” යැයි අධිකරණය ඉදිරියේ යම් අයෙක් විරෝධතාවක් මතු කළහොත්, විනිසුරු මඩුල්ල ප්‍රධාන නඩු විභාගය තාවකාලිකව නවතා දමයි. ඉන්පසු එම පාපොච්ඡාරණය ඇත්තටම ස්වේච්ඡාවෙන් දුන් එකක්දැයි සෙවීමට Voir Dire  සත්‍යතා පරීක්ෂණය ආරම්භ කරයි.

  1. ක්‍රියාත්මක වන ආකාරය (The Process)

සාක්ෂි කැඳවීම: මෙම පරීක්ෂණයේදී ප්‍රකාශය සටහන් කරගත් ප්‍රධාන පොලිස් නිලධාරියා, අවශේෂ නිලධාරීන් හා  ඊට  සම්බන්ධ සාක්ෂිකරුවන් සහ අවශ්‍ය නම් විත්තිකරුද සාක්ෂි කූඩුවට කැඳවනු ලැබේ.

හරස් ප්‍රශ්න ඇසීම: විත්තිකාර පාර්ශවයේ නීතිඥයින් විසින් පොලිස් නිලධාරීන්ගෙන් තීව්‍ර ලෙස හරස් ප්‍රශ්න අසමින්, ප්‍රකාශය ගන්නා අවස්ථාවේ බලපෑම් කළ බව ඔප්පු කිරීමට උත්සාහ කරයි. පැමිණිලි පාර්ශවය (රජයේ නීතිඥයින්) එය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව සහතික කිරීමට කරුණු දක්වයි.

විනිසුරු තීරණය: ඉදිරිපත් වන සාක්ෂි සියල්ල අධ්‍යයනය කර, කිසිදු බලපෑමක් වී නැති බව විනිසුරුවරුන්ට තහවුරු වුවහොත් පමණක් එම පාපොච්ඡාරණය ප්‍රධාන නඩුවේ සාක්ෂියක් ලෙස භාවිත කිරීමට අවසර දේ. බලපෑමක් වී ඇතැයි පෙනී ගියහොත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙයි.

  1. මෙහි ඇති නීතිමය වැදගත්කම කුමක්ද?

මානව හිමිකම් ආරක්ෂා වීම: වධහිංසා පමුණුවා හෝ බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඕනෑම අයෙකු වැරදිකරුවෙකු කිරීමේ අවස්ථාව මින් වැළකෙයි.

සාක්ෂිවල නීත්‍යානුකූලභාවය: අධිකරණයක් තීන්දුවක් දිය යුත්තේ නීත්‍යානුකූලව ලබාගත් පිරිසිදු සාක්ෂි මත පමණක් යන පදනම මින් සුරැකේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Next Post

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.