බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය: රියන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥවරුන් සාක්ෂියට කැඳවනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජුනි 2දා!

by editor
මැයි 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ කැඳවනවාද නැද්ද යන නියෝගය ලබන ජුනි මස 2 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කළේය.

මෙම මරණ පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් විය.

එහිදී මියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරුන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ අධිකරණයේ පෙනී සිටියහ. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ තේජිත කෝරලගේ සඳහන් කළේ අධිකරණය විසින් මෙතෙක් සිතාසි නිකුත් කර නොතිබුණද, මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ඔවුන් මෙලෙස පෙනී සිටි බවයි.

  • නීතිඥ-සේවාදායක රහස්‍යභාවය පිළිබඳ ගැටලුවක්

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) වගන්තිය ප්‍රකාරව මෙම නීතිඥවරුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීම අවශ්‍යදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටියේය. සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 30 සිට 34 දක්වා ප්‍රතිපාදන අනුව නීතිඥවරයෙකු තම සේවාදායකයා සමඟ පවත්වන වෘත්තීය සන්නිවේදනයේ රහස්‍යභාවය රැකීමට බැඳී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

මරණයට හේතුව සෙවීමේ පරීක්ෂණයට මෙම රහස්‍ය තොරතුරු කොතරම් දුරට අදාළ වන්නේද යන්න සලකා බලන ලෙස සභාපතිවරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

  • පොලිසිය හෙළි කළ දුරකථන සංවාදය

මහෙස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ නීතිඥවරුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. විමර්ශන ප්‍රගතිය පැහැදිලි කරමින් පොලිසිය මෙසේද සඳහන් කළේය:

“කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මියගිය කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් නියම කර තිබුණද, ඇපකරුවන්ගේ ගැටලුවක් මත ඔහු බන්ධනාගාරගතව සිට මැයි 6 වනදා නිදහස් වුණා. පසුව මැයි 7 වනදා ඔහුට යළි වරෙන්තුවක් නිකුත් වුණා. “

“එදින සවස් කාලයේ පිරිසක් අරවින්ද ද සිල්වා මාවතේ පිහිටි නිවසකට පැමිණ, අනතුරුව ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්නගේ නිල මැදිරිය වෙත ගොස් සාකච්ඡා කර තිබෙනවා. එහිදී අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් ජනාධිපති නීතිඥවරයා සහ කපිල චන්ද්‍රසේන අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව හෙළි වුණා. එම සාකච්ඡාවේ අන්තර්ගතය අනාවරණය කර ගැනීමටයි මෙම නීතිඥවරුන් සාක්ෂියට කැඳවීමට අපේක්ෂා කරන්නේ.”

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් පසන් අමරසේන, නීතිඥවරුන් සාක්ෂියට කැඳවන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ජූනි 02 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. එතෙක්, ඉදිරියේදී සිතාසියක් නිකුත් වුවහොත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ වෙත අවවාද කෙරිණි.

මෙම නඩුවේ සෙසු සාක්ෂිකරුවන් දෙදෙනෙකුටද එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ අතර, කොළඹ අපරාධ කොට්ඨාශය CCTV දර්ශන සහ දුරකථන ජාල විශ්ලේෂණ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන බව අධිකරණයට වාර්තා කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

Next Post

මඩකලපුවේ සිඟිති දරුවන් දෙදෙනා බිලිගත් හෝටල් ගින්න පිටුපස මහා වංචාවක්: රෝගී මවකගේ නාමයෙන් රටම රැවටූ පියා මාංචු පිටින් කොටු වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.