සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නෑ – නෙතන්යාහුගෙන් දැඩි ප්‍රකාශයක්: දෙදිනක් පැරණි සටන් විරාමය දැඩි අර්බුදයක!

by editor
අප්‍රේල් 10, 2026
in පුවත්
Israel-iran-carousel
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල-

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා එළඹුණු තාවකාලික සටන් විරාම ගිවිසුමට දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි.

ඉරාන පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සම්බන්ධයෙන් ලෙබනන් රජය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බවට මීට පෙර ඉඟි පළ කළ ද, ඉන් පැය කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයා මෙම දැඩි ස්ථාවරය ප්‍රකාශ කර ඇති ආකාරය නිව්යෝක් ටයිම්ස් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෙබනනය තුළ කිසිදු සටන් විරාමයක් ක්‍රියාත්මක නොවන බව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ නෙතන්යාහු, හිස්බුල්ලා සංවිධානය නිරායුධ වන තෙක් “පූර්ණ බලය යොදවා” ප්‍රහාර එල්ල කරන බවත් එය කිසිසේත් නතර නොකරන බවත් සඳහන් කළේය. ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින බිඳෙනසුලු සටන් විරාමය දැඩි පීඩනයකට ලක්ව ඇති අතර වොෂින්ටනය සහ එහි නේටෝ (NATO) මිත්‍ර රටවල් අතර ද මතභේද උත්සන්න වී ඇත.

ලෙබනනය මෙම සටන් විරාමයට ඇතුළත් නොවන බව අමෙරිකාව සහ ඊශ්‍රායලය පවසන නමුත්, ඉරානය සහ නේටෝ සංවිධානයේ සාමාජික රටවල් කිහිපයක් අවධාරණය කරන්නේ ලෙබනනය ද මෙම සටන් විරාමයේ කොටස්කරුවෙකු විය යුතු බවයි.

දරුණු ප්‍රහාර සහ මානුෂීය බලපෑම

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බදාදා දින ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 303 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය වර්තමාන ගැටුම් ආරම්භ වූ පසු ලෙබනනය මුහුණ දුන් මාරාන්තිකම දිනය ලෙස සටහන් වේ. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඊශ්‍රායල හමුදාව විසින් බීරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස අනතුරු ඇඟවූ අතර, ඉන් පැය කිහිපයකට පසු හිස්බුල්ලා ඉලක්ක වෙත යළිත් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ අතර, ලෙබනනය ද සටන් විරාමයට ඇතුළත් නොකරන්නේ නම් මේ සති අන්තයේ පකිස්ථානයේ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලට සහභාගී නොවන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මායීල් බගායි පවසා ඇත. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසිනි.

ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් ඇතුළු යුරෝපා නායකයන් ද ඊශ්‍රායලයට බලකර සිටින්නේ ප්‍රහාර නතර කරන ලෙසය. ඊශ්‍රායලයේ මෙම දැඩි ක්‍රියාමාර්ග සමස්ත සාම ක්‍රියාවලියම අසාර්ථක වීමට හේතු විය හැකි බව චාන්සලර් මර්ස් අනතුරු අඟවා තිබේ.

පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථික වර්ධන වේගය පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර ඇත. යටිතල පහසුකම් විනාශ වීම සහ සැපයුම් දාමයන් අඩාල වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 1 කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.92 ක් දක්වා වර්ධනය වී ඇත.

ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානය තුළ සිවිල් වැසියන් 1,701 ක් (ළමුන් 254 ක් ඇතුළුව) මියගොස් ඇති අතර, ලෙබනනය තුළ මියගිය සංඛ්‍යාව 1,500 ඉක්මවා ඇත. ගල්ෆ් කලාපයේ රටවල පුද්ගලයන් 32 කුත්, ඊශ්‍රායලය තුළ පුද්ගලයන් 20 කුත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ද මෙම යුද්ධයේදී මියගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනිඳු හසරංගට මෙවර IPL අහිමි වෙයි; ලක්නව් පිලෙන් ආදේශකයෙක් සෙවීමේ සූදානමක්!

Next Post

හෝමාගම හරිත සරසවියේ මාරක ගැටුමට මුල සිසුවියකගේ ප්‍රශ්නයක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.