ශ්‍රි ලංකාවේ මැතිවරණ කල් දමන්නැයි ජාත්‍යන්තර අරමුදල කිසිදු අවස්ථාවක උපදෙස් නොදුන් බව එම අරමුදලේ ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසහිරෝ නොසාකි අද (21) පැවසීය.
අද උදෑසන මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මූල්‍ය අරමුදල් ශ්‍රි ලංකා ප්‍රධානියා තවදුරටත් එහිදී සඳහන් කළේ ශ්‍රි ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට හො ඊට සම්බන්ධ වීමට මූල්‍ය අරමුදලට හැකියාවක් නොමැති බවයි.
ඊයේ (20) අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලද ශ්‍රි ලංකාව ඉල්ලූ ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර එහිදී මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මෙම විස්තීරණ ණය පහසුකමට අදාළ ප්‍රතිසංස්කරණවල මූලික කුළුණු ලෙස දුෂණය පිටු දැකීම සහ රාජ්‍ය පාලනය පිළිබඳව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වනු ඇති බවය.
ශ්‍රි ලංකාව මෙම ණය පහසුකම ලබා ගැනීමට සඳහා මූලික එකඟතා වශයෙන් ශ්‍රි ලංකාවේ මූල්‍ය ප්රතිපත්තිවල යහපත් ප්‍රතිසංස්කරණ සහ දූෂණය පිටුදැකීම සඳහා ශක්තිමත් නීති රාමුවක් සැකසීම සඳහා එකඟත්වය පළ කර ඇතැයි අරමුදල් නියේජිතයෝ සඳහන් කළහ. එහිදි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තියට අනුව එකී නීති රීති සම්පාදනය කරන බවට ශ්‍රි ලංකාවේ බලධාරීන් පොරොන්දු වී ඇති බවද ප්‍රකාශ විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොලඹ කාර්යාලයය මෙම මාධ්‍ය හමුවේදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව පහත සඳහන් ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට සහ ප්‍රමුඛත්වය ලබා දීමට ක්‍රියා කර ඇත.
(i) රාජ්‍යයේ සියළුම අත්‍යවශ්‍ය වියදම් සඳහා සහය දැක්වීමේ හැකියාව සහතික කිරීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල්, රාජ්‍ය මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සහ පිරිවැය-ප්‍රතිසාධනය පදනම් කරගත් බලශක්ති මිලකරණය සමඟින් ඉලක්කගත ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්රතාවයක්;
(ii) රජයේ මෙහෙයුම්වල ස්ථාවර මූල්‍යකරණය සහතික කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇතුළුව, රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම
(iii) උද්ධමනයේ බර ලිහිල් කිරීම සඳහා, විශේෂයෙන් දුප්පතුන් මත, ආයෝජන සහ වර්ධනයේ පරිසරයක් පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ හැකියාව සහතික කිරීම සඳහා, මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයක් යටතේ සංචිත නැවත ගොඩනැංවීමට බහු පාර්ශ්වික උපාය මාර්ගයක්. පිටරටින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව සහතික කිරීම
(iv) ආර්ථික වර්ධනයට සහාය වීමේදී මූල්‍ය අංශයට එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කළ හැකි බව සහතික කිරීම සඳහා මූල්‍ය අංශයේ ස්ථායිතාව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති;
(v) දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සහ වර්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ







