මහනුවර පල්ලේකැලේ කෙංගල්ල ප්‍රදේශයේ පන්සලක වැඩ වාසය කළ 14 හැවිරිදි කුඩා සාමනේරනමකට බරපතල ලිංගික අතරවයක් සිදුකළ බවට චෝදනා ලද 19 හැවිරිදි චීවරධාරියෙක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නියෝග කර තිබේ.
මෙම ලිංගික අතවරය සම්බන්ධව පල්ලෙකැලේ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සල්ලාල චීවරධාරී තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මුහුණුගම්පල පන්සලක සිටියදි ය.
කෙංගල්ලේ කමලසිරි නැමැති මෙම චීවරධාරියා 19 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන 20 වැනිදා තෙල් දෙණිය මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර තිබිණි.
එහදී මහේස්ත්‍රාත්වරයා තරුණ චීවරධාරීයාව රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදා හැර ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.