සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

by editor
ජූනි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

දොස්තර නවීන් සොයිසා ගැන දන්නෝ දනිති. වෛද්‍ය වෘත්තියේ ඇති සියලුම සාධනීය සහ ගෞරවනීය හරයන් මත පැහැරූ මැරයෙකුට සමාන මේ පුද්ගලයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පත්ව ඇති නිවට කාලකණ්ණි භූමිකාවට ඇද දැමූ පාදෙණියගේ කල්ලියේ හිටි හොඳම ත්‍රාඩයා ය.   අද මේ ත්‍රාඩයා ඉදිරියේ  වෛද්‍ය පරිපාලන නීතිය දෙකට නැමී ඇති ආකාරය පිළිබඳ මේ කතාව කියන්නට සිදුවන්නේ මේ ආණ්ඩුවේ සෞඛ්‍ය කෙරුවාව ගැනත් අවබෝධයක් පොදුවේ සමාජයට ලැබෙන බැවිනි.

අමුතු පත්වීම-

පසුගිය දිනවලදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදු කරන ලද ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය පරිපාලන පත්වීම් අතරතුර සිදු කර ඇති එක්තරා සුවිශේෂී පත්වීමක් හේතුවෙන්  සෞඛ්‍ය පරිපාලන පද්ධතිය විහිලුවකට ලක් වුනේය.    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන අකාරයට  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිරි කළයට ගොම බිංදුවක් නොව ගොම තැම්බක්ම දමාගෙනය.

ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරක් වන බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට  තවමත් කනිෂ්ඨ සෞඛ්‍ය පරිපාලන සේවයටවත් පත් කර නොමැති, නිසි සුදුසුකම් සපුරා නොමැති තැනැත්තෙකු පත් කර තිබුණේය. මේ පත්වීම ලබන තැනැත්තා අප මුලින් කී  දොස්තර නවීන් සොයිසාය.

නවීන් සොයිසා දැනටමත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභිකයෙකි.  ඔහු  විදේශ පුහුණුව නිමා කර පැමිණි  අත්දැකීම් අඩු  ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.  (Community Physician).  ඔහු විදේශ ගතවී නැවත පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔහු වෙත ලබා දෙන ලද රත්නපුර ප්‍රජා සෞඛ්‍ය තනතුරේ වැඩ බැලීම සඳහා වාර්තා කළේ නැත. ඒ වෙනුවට තමන්ට හිමි  නැති  කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස නීතිවිරෝධී තනතුරක නවීන් සොයිසා  දිගින් දිගටම රැඳී සිටියේය.

එවැනි පසුබිමක, නිසි  සුදුසුකමක් නොමැතිව ඔහු ඊටත් වඩා උසස් බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරකට පත් කිරීම සිදුවන්නේය. මේ මොන කුණුහරපයක් දැයි සෞඛ්‍ය ප්‍රවීණයින් අසන්නේ ඒ නිසාය. මේ නඩලම් නටන්නේ  කාගේ හයියට ද අවහල් නෛතික පදනමකින් ද යන්න   ප්‍රශ්න කරන්නේත්  ඒ නිසාය.  බලාපොරොත්තු සහගතව පත් කරගත් ආණ්ඩුවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාංකඩ “ලොන්ත පෝල්”  ස්වරූපය මෙයින් ප්‍රකට වන්නේ ද, එසේත් නැතිනම්  ලෝකයට කයි දෙන සෞඛ්‍ය ඇමති GMOA බලය ඉදිරියේ පඹයෙක් ද යන්න දැන් අප විවෘතව ප්‍රශ්න කළ යුතු අවස්ථාව එළඹ ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ස්ථාන මාරුවීම්වල ගේම

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව  සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ නැත.  2026 වසරේ පුරප්පාඩු පිරවීමේ ලේඛනයට (2026 Replacement List) අනුව නවීන් සොයිසාත්   අයදුම් කළ යුතුය. එහිදී ඔහුගේ ජ්‍යෙෂ්ඨතා ලකුණු (Seniority Marks) අනුව හිමිවන ස්ථානයකට පත්ව යා යුතුය. ගෞරවනීය වෘත්තීය භාවය ආරක්ෂා කරගත් සෑම විශේෂඥ වෛද්‍යවරයෙක්ම  මේ දක්වා මේ පරිපාලන නීතියට හිස නැමුවේය‍ෙ

බිඳ දමා ඇත්තේ මේ නෛතික පදනමය. රටේ පොදු නීතිය මෙන්ම ආයතනික පරිපාලන නීතිය ද හැමෝටම පොදු කරගන්නට අප පත් කරගත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මේ   නීතිවිරෝධී පත්වීම ගැන කරන   පැහැදිලි කිරීම කුමක් ද?. රටක් ලෙස අප එය දැනගන්නට කැමතිය.

මේ පත්වීම පිටුපස සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටින ඉහළම නිලධාරීන් දෙදෙනෙකු සහ GMOA ට සෘජුව සම්බන්ධ සෞඛ්‍ය පරිපාලන ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (පුහුණු) වරයකු සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ හාල් කෑලිවලට ඇඳගෙන සෞඛ්‍ය පරිපාලනය අයාලේ හරින්නට තරම්  සෞඛ්‍ය ඇමති ගොබ්බයෙක් ද?.

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයා සිය දේශපාලන ජීවිතයේ දුර වෛද්‍ය මෙලෝ රහක් නැති   නවීන් සොයිසා වැනි පුද්ගලයෙක් ලඟින් සලකුණු කරගත යුතු නැති බව අපගේ විශ්වාසය ය. ඇමති තුමා එසේ විශ්වාස කරන්නේ නැතිනම් අපට කියන්නට ඇත්තේ “ඇමති තුමා… සුබ ගමන්” කියා පමණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසර 10ක් තුළ 07 වැනි අගමැතිත් පත් කරගන්නට සිදුකර ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාර්ම !

Next Post

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.