සමගි ජන බලවේගයේ කළුතර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ටෙලි නාට්‍ය නළු චරිත් අබේසිංහ, දේශපාලන ක්ෂේත්රය සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාලය අතර පවතින බීහිසුණු සබැඳියාව හෙළිදරව් කරන අතිශය ආන්දෝලනාත්මක හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
විදේශයක සිට මෙරටට රැගෙන විත් දැනට රාජ්‍ය භාරයේ පසුවන ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ නමැත්තාගේ රඳවා ගැනීමේ නියෝග වළක්වා ගැනීමටත්, ඔහුව මරණයෙන් බේරාගැනීමටත් මැදිහත් වන බව පවසමින් මෙම මුදල ලබාගෙන ඇති බව අනාවරණය වේ. චරිත් අබේසිංහ විසින් හරක්කටාගේ බිරිඳ “බැලන්ස්” කරමින්, රුපියල් කෝටි 12කින් කොටසක් වන ලක්ෂ 1000ක දැවැන්ත මුදලක් ලබාගැනීම සම්බන්ධ විස්තර මෙම දුරකථන සංවාදයේ අන්තර්ගත වේ.
මෙම ආන්දෝලනාත්මක දුරකථන සංවාදයට අනුව රඛිත රාජපක්ෂ ද සම්බන්ධ වන අතර, මෙරට ආරක්ෂක අංශවල ඉහළම පුටු වෙත මුදල් බෙදාහැර ඇති ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා වෙයි. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත රුපියල් ලක්ෂ පන්සියයක් (කෝටි 5ක්) සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත රුපියල් ලක්ෂ පන්සියයක් (කෝටි 5ක්) වශයෙන් මුදල් බෙදාදුන් ආකාරය පිළිබඳව ද මෙම හඬපටයේ සඳහන් වේ.
එහෙත් ඉන් පසු පෙළ ගැසෙන හඬපට වලින් පැහැදිලි වන්නේ දේශබන්දු තෙන්නකෝන්ට හෝ ටිරාන් අලස්ට මේ කියන මුදල ලබා දී නැති බවය. රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ තවත් පුද්ගලයෙක් මෙම දැවැන්ත මුදල බෙදා ගෙන ඇති බවය. එමෙන්ම රඛිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යයට ගොස් මේ ආකාරයේ පාතාලයේ නඩු ලබාගෙන ඔවුන් සමග ඇති කරගත් ගිවිසුම් බිඳ දමා ඇති බවටත්, මේ හඬ පට අතර චෝදනා එල්ල වෙමින් ඇත. එමෙන්ම හරක් කටාගෙන් මුදල් ලබාගෙන ඔහුව මෙම නඩුව තුළ සිර කර එලියට පැමිණීමේ අවස්ථා අවහිර කර ඇති බවටත් මේ හඬපට අතර චෝදනා එල්ල වෙමින් තිබේ.
චරිත් අබේසිංහ නළුවෙකු ලෙස රංගනයක යෙදෙමින් මෙම රුපියල් කෝටි 12ක මුදල ලබාගත් ආකාරය හරක්කටාගේ බිරිඳ විසින්ම මෙම සංවාදයේදී පවසනු ලබයි. මෙරට දේශපාලනය, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය එකිනෙක වෙලී පවතින බිහිසුණු යථාර්ථය නිරූපණය කරන එම ආන්දෝලනාත්මක හඬපටය පහතින් ශ්‍රවණය කළ හැකිය.









