බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

රඛිත රාජපක්ෂයට බරපතල ලෙස නින්දෙන් හුස්ම හිරවෙනවලු... චරිත් අබේසිංහට හෘද රෝග නිසා ස්ටෙන්ට් 03ක් දාලා තව පහක් දාන්න තියනවලු.

by editor
ජූනි 25, 2026
in පුවත්
charith-rakhitha-arrested
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් නියෝග වෙනුවට රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයයි. අද පෙරවරුවේ ස්ථාන තුනකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අද දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඉන් සැකකරුවන් දෙදෙනෙකු බරපතල රෝගාබාධවලින් පීඩා විඳින බව ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අනිල් ද සිල්වා අධිකරණයට පෙන්වා දුන්නේ සිය සේවාදායකයා නින්දේදී හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් වන ‘ස්ලීප් ඇප්නියා’ (Sleep Apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින බවයි.

මේ අතර දෙවැනි සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ඔහු හෘද රෝගියකු බවත්, මේ වන විටත් ඔහුගේ සිරුරට ස්ටෙන්ට් (Stent) තුනක් බද්ධ කර ඇති අතර තවත් ස්ටෙන්ට් පහක් බද්ධ කිරීමට නියමිතව ඇති බවත්ය. හැට හැවිරිදි වියේ පසුවන පුද්ගලයකුට වැළඳෙන සියලු රෝගී තත්ත්වයන්ට අවාසනාවන්ත ලෙස චරිත් අබේසිංහ ගොදුරු වී ඇති බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ 2024 මාර්තු මස 04 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා, පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහා ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර, ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීමට සහ විමර්ශන කටයුතුවලින් නිදහස් කර දීම සඳහා සැකකරුවන් විසින් රුපියල් කෝටි 50ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුව 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුශිකා මධුවන්තිගෙන් මෙම මුදල ඉල්ලා ඇති අතර, පසුව එය කෝටි 20 දක්වා අඩු කර ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් කෝටි 12ක් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අනාවරණය කළේය.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Next Post

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.