බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Bell 212 – ගුවන් යානයක් පමණක් නොවූ ජාතියක මානුෂික සංකේතය ගැන කතාවක්!

by editor
මැයි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලාංකේය ජන සමාජය Bell 212 යානයක් හුදු ගුවන් යානයක්ම නොවේ. එය ජාතියක හුස්ම පොද පිළිබඳ මහා ගැඹුරු මානුෂීය කතාවක්, ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක්, සහ ජාතියක අධ්‍යාත්මය රූපණය කරන සංකේතයක් වූයේය. ඒ ගැඹුර ගුවන් හමුදා නිලධාරියෙක් සිය මුහුණු පොතේ ඊයේ සටහන් කර තිබුණු ආකාරය අපව කම්පනයට පත් කළේය. එම සහටන මෙසේ බෙදා ගනිමු. පහත දැක්වෙන්නේ එම සටහනය. 

566 වතුරෙන් උඩට ගන්න පින්තූරෙ දැකල මට දැනුනු වේදනාව ගැන හිතද්දි මේක නොලියාම බැරිවුනා..

Bell 212 කියන්නෙ ත්‍රිවිධ හමුදාවෙම හදවතේ ඉහලම තැනක තියෙන ගුවන් යානාවක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ.

යුද්දෙ කාලෙ Bell 212 එකක් කියන්නෙ තුවාල වුනු අය රෑ එළි වෙනකම් එහෙ මෙහෙ ඇදපු, මැරුනු සොල්දාදුවො තමන්ගෙ ගෙවල් වල අයට බලන්න ගෙනල්ල දීපු, වතුර ටික, ඇමෝ ටික, ඇදුම් ටික, පඩි පතේ ඉඳල සේරම දරදිය ඇදපු පුදුමාකාර ගුවන් යානයක්.

මේ ගුවන් යානයේ floor board එක අපේ වීරෝධාර රණවිරුවන්ගෙ ලේ වලින් පෙඟිච්ච වාර ගාන, ඒ ලේ හෝදලා දාපු වාර ගාන හිතාගන්න බැරි තරම් වෙන්න ඇති

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ ගුවන් යානා නිසා බේරුනු ජීවිත ගාන හිතාගන්නවත් බැරි ගානක් වෙන්න ඇති

මේ machine එක ගැන සම්පූර්ණ විශ්වාසය තියල මේක fly කරපු ගුවන් නියමුවන්, මේක අතපත ගාල රෑ එලි වෙනකල් දරුවෙක් වගේ මේක හදපු ඉන්ජිනේරු කාර්‍ය මන්ඩලයට මේ වතුරෙන් උඩට ගන්න 566 දකිද්දි දැනුනෙ මොකද්ද කියල සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්නවත් බැහැ.

යුද්දෙ අමාරුම තැන්වලදි Bell 212 එක ඈතින් එන සද්දෙ ඇහුනම, කැමා පාටට පාට කරල ගස් උඩින් එනව දැක්කම එන ගැම්ම ගැන මොරාල් එක ගැන Army අය Navy අය ඕනතරම් සාක්ශි දරාවි.

වෙඩි කාපු රණවිරුවො ඒ ගැන කතා කරද්දි ඒ තරමටම වෙඩි කාපු 566 තුවාල මකාගෙන නිහඬව ආපහු රාජ්කාරියට ගියා.

566 ඉස්සරහ pose කරල ගැම්මට ගහපු පින්තූර හමුදා තුනේම අය ළඟ ඇති ඕන තරම්. 212 යනකොට ගෙවල් වලින් එලියට ඇවිල්ල උඩ බලපු, අත වනපු අය 566 ටත් අත වනන්න ඇති.

යුද්දෙන් පස්සෙ උනත් විශ්‍රාම නොගෙන රටේ මොන ආපදාව උනත් මුලින්ම එතනට යන, ගංවතුරක් අනතුරක් උනාම ජීවිත බේරගන්න එන, ගින්නක් ආවම Bambi bucket එකක් එල්ලගෙන ඒක නිවන්න එන, නිදහස් දවසට ජාතික කොඩිය ගෞරවයෙන් අරගෙන යන Bell 212 එක Air show වල heli dancing දානකොට හැමෝම බලන් ඉන්නෙ ඇහිපිය නොගහ.

ගුවන්, යුධ, නාවික හමුදා තුනේම passing out වල සංදර්ශන වලට Bell 212 කියන්නෙ ආභරණයක්..

එච්චර හැමෝගෙම ආදරය දිනාගත්තු Bell 566, මෙහෙම කෑලි වෙලා වතුරෙන් උඩට ගන්නවා දකිද්දි නං වාවන්නෙ නැහැ කොහොමටත්…

Not merely an aicraft…but a soul of an era

සුබ ගමන් SUH 566

Sham Ran
11 May 2025

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවන්න මාලිමාව සහ විපක්ෂ කණ්ඩායම් අතර තරගය ඇරඹෙයි!

Next Post

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න පොහොට්ටුව එක්ක පූට්ටු වීමේ අදහසට සජබ ඇතුළෙන්ම විරෝධයක්…!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.