අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වූ ‘හැරී පෝටර්’ හි රුබියස් හැග්‍රිඩ්ගේ චරිතය රඟ දැක්වූ රොබී කොල්ට්‍රෙන් මිය ගොස් තිබේ. ස්කොට්ලන්තයේ ෆැල්කර්ක් ආසන්නයේ රෝහලකදී ඔහු මිය ගිය බව තහවුරු කළ ඇති අතර ඒ වන විට ඔහු 72 හැවිරිදි වියේ පසුවිය.
හැරී පෝටර් හි හැග්‍රීඩ් යනු හොග්වාර්ට්ස්වල ආචාර්යවරයෙකු වන අර්ධ යෝධයෙකු හා අර්ධ මනුෂ්‍යයෙකු ලෙස හඳුන්වන්නෙකි. ඔහු ලොකු කුඩා කාගෙත් සිත් දිනා ගත් චරිතයකි.
රොබී කොල්ට්‍රෙඩන් ‘ක්‍රැකර්’ නැමැති රහස් පරීක්ෂණ ටෙලි නාට්‍යයේ රඟ දැක් වූ ඒජන්ට් බෙලින්ඩා චරිතයත්, ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිවල ගොල්ඩේනියේ චරිතයත් ඔහුගේ ජනප්‍රියත්වයට හේතු විය. එහෙත් අද වනතෙක්ම ඔහු ජනප්‍රියව සිටින්නේ හැග්‍රීඩ් නමිනි.
හැරී පෝටර් චිත්‍රපට මාලාවේ 20 වැනි සංවත්සරය සමරමින් එහි රඟ පෑ සියලුම චරිත යළි හොග්වර්ට්ස්වලට ගිය අතර රොබීව නව පරපුරේ රසික පිරිසකට හඳුන්වා දුන්නේය.
“මගේ ළමා පරම්පරාව ඔවුන්ගේ දරුවන්ට එම චිත්‍රපටි පෙන්වීම චිත්‍රපටිවල උරුමයයි..” ඔහු එහිදී රසික පිරිස අමතමින් පැවසුවේය.
“තව අවුරුදු 50කින් මේ චිත්‍රපටිය ඔබ නරඹාවි. එදාට මම ඉන්න එකක් නෑ. ඒත් හැග්රිඩ් ඉඳිවී..”







