ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
තරගයේ දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළහ.
කෙසේ වෙතත් මේ වනවිට ආරම්භක පිතිකාරීය වන කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු දැවී ගොස්ය. චමරී ලබා ගත්තේ ලකුණු 06කි. අවසන් පූර්වටයේ පාකිස්ථානයට එරෙහිව හොඳම පිතිකරණයේ නිරත වූ හර්ෂිතා සමරවික්‍රමත් දැවී ගොස්ය. ඇය ලබා ගත්තේ එක් ලකුණකි.
අනුෂ්කා සංජීවනි දුවද්දී දැවී යෑමට හසුවූවාය. ආරම්භක පිතිකාර යුවලම දුවද්දී දැවී යෑම්වලට හසුවී දැවී ගොස්ය. හසිනි පෙරේරා දැවී ගියේ ලකුණු නොලබාය. පන්දු ඕවර 5ක් අවසානයේ මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 16ක් ලබාගෙන ඇත.







