පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවකට හිටපු ජනපති මෛත්‍රීට නොතීසි…

RelatedPosts

නිමන්ති රණසිංහ

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ   හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (16) නොතීසි නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න  මගින් අධිකරණයට ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

ලංකාදීප –

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT