අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ලෝක අවධානය ලංකාව වෙත හරවමින් හෙට කොළඹ එන ඉරාන ජනපති…   

by editor
අප්‍රේල් 23, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

බීබීසී –

මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හෙට (අප්‍රේල් මස 24 වෙනිදා) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බවය.

දින 03ක නිල සංචාරයක් ආරම්භ කරමින් ඉරාන ජනාධිපතිවරයා මේවන විට පකිස්ථානයේ සංචාරයක නිරත වෙමින් සිටියි.

ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන්නේ ඇයි ?

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නේ ද්වි පාර්ශ්වීය මුල්‍ය ආධාර මත ඉදිකෙරුණු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සංචාරය තුළදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 05 කටද අත්සන් තැබීමට නියමිතව ඇති බව කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත තහවුරු කළේය.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි බීබීසී සිංහල වෙත කියා සිටියේ දේශපාලන, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් දෙරට අතර ඈත අතීතයේ සිට හොඳ සම්බන්ධතාවයක් පැවති බව ය.

“ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ ඉරානය අතර හොඳ සම්බන්ධතාවයක් පැවතුණා. ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් සම්බාධක පැනවීමට පෙර.”

“ශ්‍රී ලංකාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීම සිදුකළා. ඒ වගේම අද ලංකාවේ තියෙන එකම ඉන්ධන පිරිපහදුව අපට ලබා දුන්නෙත් ඉරානය.”

“මීට අවුරුදු 10 කට කලින් උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරානය ලංකාවට ආධාර සැපයුවේ. නමුත් ඒක ඇතිවුණ යම් අවාසනාවන්ත සිදුවීම් නිසා ප්‍රමාද වුණා.”

“මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක්.”

“ඉරාන ජනාධිපතිතුමා සිය ආසියානු සංචාරය අතර වාරයේදී ලංකාවට පැමිණ මේ ව්‍යාපෘතිය විවෘත කිරීම මෙරට ආර්ථිකයට ලොකු හයියක් වෙනවා.” විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පසුගිය දස වසරක කාලය තුළ දී අහිමිවී තිබු වෙළෙඳපොළ නැවත ඇති කරමින් ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කරමින් ඉරානය පසුගිය දෙවසරක කාලය තුළදී ශ්‍රී ලංකාවේ තේ වැඩි වශයෙන් මිලදී ගන්නා රට බවට පත්වෙමින් අපනයන ආර්ථිකයට ශක්තියක් ලබාදී ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පැවසුවේය.

‘අනිත් අයගේ හතුරෝ අපේ හතුරෝ නෙමෙයි’

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව නොසතුට පළකර අති බවට පසුගිය දින කිහිපයේදී ඇතැම් මුද්‍රිත මාධ්‍ය වල පළ කර තිබු පුවත සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් අමාත්‍ය අලි ස්බ්රි ගෙන් විමසීමක් කරන ලදී.

ඊට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

” නැහැ.. ඇත්තටම අපිට කවුරුවත් කනස්සල්ල හෝ විරුද්ධත්වය පළකරලා නැහැ.”

“අනිත් අයගේ හතුරෝ අපේ හතුරෝ නෙමෙයි. ”

“ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඇවිල්ලා සියල්ලන්ටම මිත්‍රත්වයේ දෑත දික් කරනවා. කිසිවෙකුත් සමග පස මිතුරු සම්බන්ධකමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඒ විදේශ ප්‍රතිපත්තිය උඩ කටයුතු කරමින් අපිත් එක්ක වැඩ කරන අයත් එක්ක වැඩ කරනවා.”

“අනිත් එක ඉරාන ජනාධිපතිතුමාගේ සංචාරය අද ඊයේ හදිසියේ සැලසුම් කරපු එකක් නෙමෙයි.”

“උමා ඔය ව්‍යාපෘතිය ඉවර කරලා අපිට දිගටම අවශ්‍ය වෙලා තිබුණා එතුමාට විවෘත කිරීමට එන්න කියන්න.”

“පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මම ඉරානයේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවේදී ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා ඉරාන ජනාධිපතිතුමාට නිල ආරාධනාවක් කරන්න කියලා. එතැනින් තමයි මේක පටන් ගත්තේ.”

“හැම තැනම වෙන දේවල් නිසා අපේ සම්බන්ධකම් පළුදු කර ගන්න අවශ්‍යතාවයක් නැහැ.”

“අපි ස්වාධීන රටක් ලෙස නොබැඳි මිතුරු විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.” අමාත්‍යවරයා පැවසීය.

‘මෙම සංචාරයේ දී අපිට වාසි වගේම අවාසිත් තියෙනවා’

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර මෙන්ම ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කෙසේද යන්න බීබීසී සිංහල,ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවාගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය මගින් වාසි මෙන්ම අවාසි කිහිපයක් මතුවීමේ හැකියාවක් පවතින බවය.

“මුලින්ම කියන්න ඕන ඊශ්‍රායල් සහ ඉරානය අතර අප්‍රේල් මස 13 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පෙර ඉදලා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි ගේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කර තිබුණේ.”

“මේ සංචාරයත් එක්ක ලංකාව එක්තරා ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණ පාලා තියෙනවා.”

“මොකද අනෙකුත් බටහිර රටවල් ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රි ලංකාවේ පැවතුණු සිවිල් යුද්ධයේදී ඊශ්‍රායලය යුදමය වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කරපු රටක්.”

“අනෙක් පැත්තෙන් මේ වෙද්දී ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, රැකියා මෙන්ම විවිධ වාණිජ ගිවිසුම් ක්‍රියාත්මකයි.”

“මේ නිසා ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යම් ආකාරයකින් ඊශ්‍රායලය සමග පවතින සබඳතාවන්ට යම් පසුබෑමක් ඇති කරන්න පුළුවන්.”

“අනෙක් අතින් බැලුවම ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුර ඊශ්‍රායලයේ සහයට ඉන්නවා.”

“එතකොට මේ වෙනකොට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැපිළිවෙළත් එක්ක ඉන්න නිසා අපිට වැදගත් වෙනවා ඇමෙරිකාව ඇතුළු ඒ බටහිර රටවල සහාය මේ වැඩපිළිවෙළට.”

“ඒ අතින් බැලුවම ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් එක්ක බොහෝ විට ඇමෙරිකාව ඉදිරියේදී නිල වශයෙන් මේ ගැන සිය විරෝධතාවය ලංකාවට දක්වන්න ඉඩ තිබෙනවා.” ඔහු පැවසීය.

ආචාර්ය හසිත් කන්දඋඩහේවා වැඩිදුරටත් පැවසුවේ බටහිර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවට ඉරානය සමග පවතින සබඳතාවය ගැඹුරු බව ය.

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු අපනයන භාණ්ඩ මිලදී ගන්නා ප්‍රධාන රටක් වන ඉරානයට මෙම අවස්ථාවේදී මෙරට සංචාරය සඳහා නොපැමිණෙන ලෙස දැනුම් දුනහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම මෙවැනි තත්ත්වයක් මත ඉදිරියේදී ඉරානයෙන් ලංකාවට ලැබීමට හැකි ආර්ථික සහයෝගීතාවයන් අහිමි වී යාමට ද ඉඩ පවතින බව ඔහු සඳහන් කළේය.

ඉරාන ජනපතිගේ සංචාරය සහ රටේ අභ්‍යන්තර දේශපාලනය

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය රටේ අභ්‍යන්තර දේශපාලනමය වශයෙන් ද වැදගත් භූමිකාවක් නිරූපණය කරනු ඇති බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

“මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බටහිර රටවලට නැඹුරු විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.”

“මේ වසරේ අග භාගයේදී බොහෝ දුරට රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. මේ වගේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත කාල සීමාවක මෙරටේ මුස්ලිම් ප්‍රජාවගේ ඡන්දය ඉතා වැදගත් වනවා.”

“යම් විදිහකින් ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය ලංකාවේ ඉල්ලීමක් මත අවලංගු කරන්න වුනොත් ඒකෙන් රටේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑමක් වෙන්න පුළුවන්.”

“විශේෂයෙන් මුස්ලිම් ඡන්ද පදනම වගේම රජයේ ඉන්න මුස්ලිම් දේශපාලඥයින් විරෝධය පළ කරන්න පුළුවන්.”

ඇමෙරිකානු මෙරීන් භටයින්ගේ හමුදා අභ්‍යාසය

ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ( අප්‍රේල් මස 21 වෙනිදා) ඇමෙරිකානු නාවික හමුදාවේ මෙරීන් භටයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේ දී ආරම්භ කෙරුණු බවට ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කරන ලදී.

“අප්‍රේල් 22 සිට 26 වැනි දින දක්වා ත්‍රිකුණාමලයේ දී Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය” පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඇමෙරිකා එක්සත් ජනපද බලඇණි ත්‍රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම (FAST), නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන මැරීන් බලකායේ විශේෂ ඒකකයක් මෙම අභ්‍යාසය සඳහා එක්ව සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඊබ්‍රාහිම් රයිසි යනු කවුද ?

1960 දෙසැම්බර් 14 වනදා උපත ලබා ඇති ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එරට ප්‍රතිපත්තිවාදී දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු මුස්ලිම් නීතිවේදියෙකි.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයා වන්නේ ද ඊබ්‍රාහිම් රයිසි.

ඔහු 2021 මැතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසුව, 2021 අගෝස්තු 3 සිට ඉරානයේ ජනාධිපති ධූරය හොබවනු ලබයි.

ඊබ්‍රහිම් රයිසි 2004–2014 දක්වා ඉරානයේ අධිකරණ පද්ධතියේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙසත්, 2014–2016 දක්වා නීතිපති ලෙසත් සහ 2019–2021 දක්වා අගවිනිසුරු ලෙසත් කටයුතු කර තිබේ.

ඔහු 1980 සහ 1990 ගණන් වලදී ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපතිවරයා සහ නීතිපති ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු 2006 මැතිවරණයෙන් ප්‍රථම වරට තේරී පත් වූ දකුණු කොරාසන් පළාතේ විද්වතුන්ගේ රැස්වීමේ සාමාජිකයෙකි.

ඊබ්‍රහිම් රයිසි 2017 දී ඉස්ලාමීය විප්ලවීය බලකායේ කොන්සර්වේටිව් ජනප්‍රිය පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර හිටපු ජනාධිපති හසන් රොහානී හමුවේ පරාජයට පත්විය.

එමෙන්ම ඊබ්‍රහිම් රයිසි 1988 දී ඉරානයේ දේශපාලන සිරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නඩු පවරන කමිටුවේ සිටි සිව් දෙනාගෙන් එක් අයෙක් වේ.

එබැවින් ඔහු “මරණ කමිටුව” ලෙස බටහිර රටවල් විසින් නම් කර ඇත.

13876 විධායක නියෝගයට අනුව ඇමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඔහුට සම්බාධක පනවා තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර ඇත.

කෙසේවෙතත් ඊබ්‍රහිම් රයිසි 2021 දී දෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී 62.9% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති හසන් රොහානී පරාජය කර ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැක්මක් නැද්ද?… ප්‍රතිපත්තියක් නැද්ද?… නැතිනම්  බය ද? නිවටයො විදිහට විවාද මගඅරින්න එපා… සජිත් ජාතික ජන බලවේගයට කියයි!

Next Post

යාපනේ කෝවිලක වල්ලි හා දේවානෙයි දේවතාවියන්ට පූජා කළ රුපියල් 5600ක සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වෙයි!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.