අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

තැලෙන රෝල් වෙන කවුද මේ හූල්?..

චන්ද්‍රිකා මහින්ද ආණ්ඩුවලිනුත් තනතුරු ලැබුණා... එල්.ටී.ටී.ඊ මරණ තර්ජන නිසා රට දාලා ගියා...

by editor
ජූනි 6, 2020
in දේශපාලන
මහාචාර්ය රත්නජීවන් හූල්

මහාචාර්ය රත්නජීවන් හූල්

Share on FacebookShare on Twitter

චන්දුල කවුඩුන්න –

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බොහෝ දෙනකුව රවටන්න අමාරුයි. නමුත් ඔවුන් උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් බිය වද්දා කොමිසම අඩපණ කිරීමටයි. රැස්වීම්වල දී පොදුජන පෙරමුණට සම්බන්ධ මාධ්‍යවේදීන් සිංහලෙන් ලියපු කුණු කන්දල් මට ගෙනත් දෙනවා. ඒවා මට කියවන්න බෑ කියල ඔවුන් දන්නවා. ඔවුන් මාව කොමිසමෙන් ඉවත් කරනවා කියල තර්ජනය කරනවා. මා ගැන බොරු ගොඩක් ලියනවා.  ඔබට බොරු කියන අයට, ඔබ රවටන අයට  ඔබ ඡන්දය නොදිය යුතුයි. ද්‍රවිඩ කොංග්‍රසයේ සමහර සාමාජිකයෝත් මට වරක් බිය වද්දා තර්ජනය කරන්න හැදුවා. ඒ 2018 මැතිවරණයට කලින්. මේ සම්බන්ධ නඩු ලිපි ගොනුව අදටත් නීතිපති ගාව තිනෙවා.  කවුරුත් උත්සාහ කරන්නේ හැමෝම රවවටන්න. රවටන අය රැකීමේ ක්‍රමවේදයක් තමයි රටේම පවතින්නේ“

මේ මැතිවරණ කොමිසමේ ආන්දෝලනාත්මක  සාමාජික රත්නජීවන් හූල් ඩෑන් ටී.වී නම් දමිල නාළිකාවකට දෙන ද සම්මුඛ සාකච්ඡාවක දී ඔහු පළ කළ අදහස්ය. අද දින මේ අදහස   ආන්දෝලනාත්මකව මතු විය. ඒ  ඔහු පල කළා යැයි කියන “ ඔබට බොරු කියන අයට, ඔබ රවටන අයට  ඔබ ඡන්දය නොදිය යුතුයි“   අදහස “පොදු ජන  පෙරමුණට ඡන්දය දෙන්න එපා“ ලෙස අර්ථ ගැන්වී ඇති  බව සඳහන් කරමිනි.

මේ කතාවට අද මව්බිම සහ සිලෝන් ටුඩේ යන පුවත් පත් දෙකමද විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි.

මහාචාර්ය හූල් ගේ මෙම ප්‍රකාශයේ ස්වාධීන  මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස නොකළ යුතු කතාවක් ලෙස අද (06) සවස  රූපවාහිනී පුවත් විකාශවල විශාල අවකාශයක් වෙන් කෙරිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වුව ද මහාචාර්ය හූල් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු කිසිදු විටෙක   පොදු ජන පෙරමුණට ඡන්දය නොදිය යුතු බව පැවසුවේ නැතැයි අවධාරණය කරන්නේය. ඔහු පවසන ආකාරයට ඔහු කියා ඇත්තේ රවටන අයට ඡන්දය නොදෙන ලෙසය.

එැවින් තොප්පිය හරි නම් දා ගත්තාට කමක් නැතැයි    ඔහුගේ මෙම ප්‍රකාශයට එරෙහිව නඩු මඟට බසින්නට යන පොදුජන පෙරමුණට හූල් කියයි.

මහාචාර්ය රත්නජීවන් හූල් දේශපාලනික වශයෙන් විවාදාපන්න චරිතයක් වුව ද කලක් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේත් රුහුණ විශ්ව විද්‍යාලයේත් ආචාර්යවරයකු වශයෙන් සිටි බව මෙරට සරසවි ප්‍රජාව හොඳින් දනිති. එසේම ඔහු ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ද ක්‍රියාකාරී චරිතයක්ව සිටි බව ද ශාස්ත්‍ර ප්‍රේමීහු දනිති.

විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ විවිධ මත ගැටුම් ඇති කිරීමත්, ඒවා  කොමිසමෙන් පිටත  පත්තු කර මාධ්‍ය හමුවේ හෝ වෙබ් අඩවි ඔස්සේ විවේචනය  කිරීමත් නිසා ඔහු එක්තරා හිතුවක්කාර චරිතයක් බවට පත් ව සිටී. මේ හිතුවක්කාර චරිතය කවුරුන්දැයි බොහෝ දෙනකු දන්නේ නැත.

හූල් ගේ හීන

සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් 1952 වසරේ ඉපදෙන්නේ එවකට යාපනයේ ක්‍රිසතියානි පූජකවරයකු වන සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් සහ ඔහු ගේ බිරිඳ වන ජීවමනී ගේ දරුවකු ලෙසින්ය. යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයයෙන් අධ්‍යාපනය හදාරන රත්නජීවන් හූල් මොරටුව සරසවියෙන් විදුලි ඉංජිනේරුවරයකු ලෙස උපාධිය ලබා ගෙන ඇත. එයින් පසුව කලක් මොරටුව සරසවියේම සේවය කර ඇති ඔහු 1977 වසරේදී නයිජීරියාවට ගොස් ඇත.

තරුණ හූල් එරට ඕයෝ ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ඉබාඩාන් හි පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස සම්බන්ධ වෙයි. මෙම ගමන සඳහා ඔහු නියෝජනය කරන දමිළ ප්‍රජාවගේ සහය ලැබී ඇති අතර ඔහු සමඟ ඉබාඩන් හි ගත කළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු සඳහන් කළේ ඒ කාලයේ දමිළ තරුණයන් අතර රත්නජීවන් හූල් ජනප්‍රිය චරිතයක් බවය. එයට හේතු තිබිණ.  මේ දමිළ තරුණයන් සියලු දෙනාම ශ්‍රි ලංකාවේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සිහින දුටු පිරිසක් විමය. ඔවුන්ට ඊලමක් පිළිබඳ සිහිනයක් තිබිණ. මේ වෙනුවෙන් සියලු දෙනාම අරමුදල් රැස් කිරීම ඇතුළු සංවිධාන කටයුතු සිදු කළේ ඒ කාලයේදීය. රත්නජීවන් හූල් පොලිටෙක්නික් ආයතනයේ සේවය කරන අතරේ එරට ප්‍රභූන් කිහි දෙනකුගේ දරුවන්ට පෞද්ගලික ටියුෂන් ලබා දීම ද සිදු කළේය. ඒ වනවිට එවැනි සංකල්පයක් නයිජීරියාවේවත් නොතිබුණි. එරට තම පැවැත්ම තහවුරු කර ගත් හූල් ඇතුළු දමිළ තරුණ කණ්ඩායම තවදුරටත් එරටට ශ්‍රි ලංකාවේ උතුරුකරයේ දමිළ තරුණයන් රට රැකියා අවස්ථා ලබා දීම සඳහා වෙහෙසුණේය

නයිජීරියාවෙන් ඇමරිකාවට

කෙසේ වුවද හූල් නයිජීරියාවේ ගත තළේ වසර තුනක් වැනි කාලයකි. එයින් පසුව ඔහු ඇමෙරිකාව බලා පිටත් වන අතර ඔහු එරට අධ්‍යාපන ආයතන ගණනාවකටම සම්බන්ධ වී සේවය කළේය. ඇමෙරිකාවෙන් පසුව සිංගප්පූරුවටත් පසුව ශ්‍රි ලංකාවටත් එන ඔහු මේ වනවිට සිටියේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ද ලන්ඩන් සරසවියකින් හිමි කර ගෙනය. වර්ෂ 1999 දී ශ්‍රි ලංකාවට එන ආචාර්ය හූල් රුහුණු විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයට සම්බන්ධ විය. රුහුණේ වැඩ කළ ඔහු ඊට පසුව පේරාදෙණිය විශ්ව විදයාලයයේ ඉංජිනේරු පීඨයට ද එක් වන අතර මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට  පත්වන්නේ එහිදී ය.

මහින්දගේ තෑග්ග

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය මහාචාර්ය හූල් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙස   පත් කළේය. අ පසුව ඔහු යාපනය විශ්ව විද්‍යාලයයේ එතෙක් උපකුලපති ධුරය දැරූ මහචාර්ය මොහානාදාස් විශ්‍රාම යෑමෙන් පසුව එහි උපකුලපති තනතුරට පත් විමට ද උත්සාහ කළේය.  එම විශ්ව විද්‍යාලයේ සනාතන මණ්ඩලය විසින් මහාචාර්ය හූල්, මහාචාර්ය කුමාර වඩිවේල් සහ මහාචාර්ය කන්දසාමි යන තුන් කට්ටුවෙන් කෙනකු උප කුලපති තනතුරට පත් කරන ලෙස නම් කළ අතර එවකට 2006 වසරේ මාර්තු මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ   එම තනතුරට නම් කළේ මහාචාර්ය හුල්ය.

කෙසේ වුවද එල්.ටිටීඊය ඒ වනවිට මහාචාර්ය හූල් සමඟ නොහොඳින් සිටි නිසාත් යාපන සරසවිය නියෝජනය කරන බහුතර හින්දු ආචාර්යවරුන්ගේ දැඩි විරෝධය නිසාත් දමිළ ක්‍රිස්තියානි ප්‍රජාව නියෝජනය කරන හූල්ට එම තනතුරට පත් විය නොහැකි විය. එබැවින් ඔහුට තවදුරටත් පේරාදෙණියේ ම සිටින්නට සිදුවිය.

එල්.ටී.ටී.ඊ තර්ජන

එල්.ටී.ටී.ඊ සංවිධානයේ තර්ජන හමුවේ ඔහු සිය රාජකාරි වැඩ බාර නොගෙන  සිය පවුලේ අය සමඟ 2006 අප්‍රේල් 20 දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

එතැන් සිට ගතවූ වසර හතරක කාලය තුළ  මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ  සහ ඩ්‍රෙක්සල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසත් රෙන්සෙලර් පොලිටෙක්නික් ආයතනයේ ඉංජිනේරු හා විද්‍යා මහාචාර්ය වරයකු ලෙසත් කටයුතු කළ ඔහු නැවත මෙරටට පැමිණියේ යාපනය විශ්වවිද්‍යාලයේ නව ඉංජිනේරු පීඨය පිහිටුවීම සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන්  2010 සැප්තැම්බර් මාසයේදීය.

2010 දෙසැම්බරයේ යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස නම් කරන ලද තිදෙනා අතරට හූල් ඇතුළත් වුවද එවර උපකුලපතිවරයා ලෙස පත්වූයේ වසන්ත අරසරත්නම්ය. 2011 දී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ ඇතිකරගත් ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවූ නීතිමය තත්ත්වය තුළ   හූල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර ඊට පෙර ඔහු මෙරටින් පලා ගියේය.

1976 දී එස්.ජේ.වී චෙල්වනායගම් ඇතුළු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් වඩුක්කෝඩෙයිහි දී ප්‍රකාශයට පත් කළ ස්වයං පාලිත දෙමළ රාජ්‍යයක් සඳහා වූ සංකල්පය අදටත් රත්නජීවන් හූල් හිස් මුදුනින් පිළිගන්නා බව පෙනෙනුයේ ඔහු අදටත් චෙල්වනායගම් ලා සම්බන්ධයෙන් දක්වන අදහස ඔහු පුවත්පත්වලට ලියන ලිපිවලින් ප්‍රකාශ වන නිසාය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. වෙනත් තැනකය. එකක් ඔහු සෑම විටෙකම රැඩිකල් ආකාරයේ ස්වරූපයක් පෙන්නුම් කිරීමය. එය ස්වාධීන මැතිවරණ කොමිසමක සාමාජිකකත්වය ඉක්මවා යන අවස්ථා ඇත.

මේ එවැනි එක් අවස්ථාවකි. එය කොතැනින් කෙළවර වේ දැයි අපට තවම තේරුමක් නැත.

 

Tags: නවතම
Share77Tweet43
Previous Post

මනාප පොර කුකුල්ලු නිල වශයෙන් දෙන්නත් කලින් අංකේ අරන් වැඩ

Next Post

ගල්කිස්සේ කුණු අස්සේ නොඇසෙන කතා

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.