බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

ගල්කිස්සේ කුණු අස්සේ නොඇසෙන කතා

by editor
ජූනි 7, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter

තුෂාර කළුආරච්චි –

ගල්කිස්ස වෙරළට එකපාරටම කුණු කන්දක් ආවේය.  ඒ කුණු කන්ද එන්නේ අතිශයින්ම ගර්හාවට ලක් වූ ව්‍යාපෘතියක් වන ගල්කිස්ස වෙරළ පිරවීමේ වැලි කෙළිය කර  හොඳටම අනාගත් පැත්තටය. ඒ එන්නේත් පරිසර දිනයේ ( 05) දී ය. දැන් වැල්ලවත්ත පුරවන්නට ගල්කිස්සට වැලි පිරවූ සිද්ධිය කතා වෙන්නේ නැත. ගල්කිස්සේ දී ගහගෙන ගිය වැලි ව්‍යාපෘතියේ මිලියන 110 ගැන කතා වෙන්නේත් නැත. දැන් කතා වෙන්නේ හිටි අඩියේ ගල්කිස් වෙරළට ගොඩ බැස්ස කුණු කන්ද ගැනය.

මේ කුණුත් විශේෂය. මොකද කියනවා නම් මේ පාවී එන්නේ වෙන් කළ කුණුය. වෙන් කළ කුණු වෙන් වන්නේ නගරසභාවක ක්‍රියාවලියක දී ය. නැතිනම් කසල අංගනයක කුණු දැමීමේ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක දී ය.

ඒ පසුබිමේ මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට චෝදනා එල්ල වන්නේ මෙය ඔහුගේ අනුදැනුමින් සිදුකළ පරිසර අපරාධයක් ලෙසය. කොරෝනා ඇඳිරි නීතිය වකවානුවේ දී මොරටුව නගර සභාව විසින් බෙදා හළ හිස් වියලි ආහාර ඇසුරුමක් පදනම් කරගෙන සමහර පරිසර සංවිධාන නගරාධිපතිවරයාට චෝදනා එල්ල වන්නේය.

මෙහිදී  අදහස් දක්වන පිරිස් අතරින් අයෙක් මොරටුව නගර සභාවේ නගරාධිපති විසින්  කළ අපරාධයක් බව කියන්නේය.  තවත් අයෙක් කියන්නේ තෙවරක්ම මොරටුව නගරාධිපති වූ , මෙවර මහමැතිවරණයට තරග වදින්නට නියමිත සමන්ලාල් අපහසු තාවයට පත් කිරීමට අයෙක් කළ හැකි බවය. තව පිිරිසක් කියන කතාව ආකර්ෂණීය ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ තමන්ට අවධානය යොමු කරගන්න මෑන් ප්ලෑන් කරලම කළා ද දන්නේ නෑ…. ඒ ජාතියෙ බඩුව. දැන් රටම කතා වෙන්නෙ මෑන් ගැනනෙ..“

අනෙක් පසින් මේ වෙනවිට මේ කුණු හුටපටය සම්න්ධව ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් දමා ඒ වෙනුවෙන් ප්‍රධානම වැඩ කොටස කරනු ලබන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්තිය. ඔහුට පසුගිය 05 දක්වා එල්ල වී තිබුණු චෝදනාව දැන් කොහෙන්දෝ ප්‍රාදූර්භූත කුණු කන්දකින් වැසී ඇත. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගේ ගැලවුම්කාර කුණු ගැන වෙනම කල්පනා කර බලන්නට අපට ඉඩ හසර සලසා තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට පළමුවරට උත්සාහ කර තිබුණේ 2018 වසරේදී ය. නමුත් එම අවස්ථාවේදී නිසි ආකාරයට අනුමැතිය නොලැබුණු අතර සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව 2020 ජනවාරි මස 22වැනි දින මේ සඳහා  කැබිනට් අනුමැතිය හිමි විය. ව්‍යාපෘතියට වැය කළ මුලු මුදල රුපියල් මිලියන 890 කි.

මිනිසුන් හාමත් වෙද්දී මුහුදට ගිය මිලියන් ගණනනේ අවලාදය මේ ඡන්ද කටේ වළක්වා ගැනීමට ආණ්ඩුවම මොරටුව නගරාධිපති සමන්ලාල්  එක්ක ගුණ්ඩුවක් ඇටෙව්වා දැයි සිතන්නෝද වෙති.

පැහැදිලිම ඇත්ත නම් මේ කුණු කන්දේ පැමිණීම අස්වාභාවික බවය. පැමිණ ඇත්තේ තේරූ කුණු බවය. මේ පසුපස කවුරුන් හෝ බලවත් කණ්ඩායමක් සිටින බවය. පොලිසිය මේ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ ගැන ඒ තරම් විශ්වාසයක් නැතත්  ස්වේච්ඡා කණ්ඩායම් සමග එක්ව  පොලිසිය හා රක්නා ලංකා සමාගම ගල්කිස්සේ කුණු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබීම නම් සැනසිල්ලට කරුණකි.

කෙසේ වෙතත් ගල්කිස්සේ කුණු අස්සෙන් අප නොදත් කතා හෙට අනිද්දා හෙළි වීමට නියමිතය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැලෙන රෝල් වෙන කවුද මේ හූල්?..

Next Post

අරාබි මුහුදේ සිරවුණු සමුද්‍ර ආරක්ෂකයන් ගැන සොයයි

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.