බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ආණ්ඩුවේ බාර් ලයිෂන්වලට ඉල්ලුම් නොකළ මන්ත්‍රීවරු සජබේ නෑ කියලා හැකිනම් කියන්න… අනුරගෙන් සජිත්ට අභියෝගයක්!

by editor
මැයි 31, 2024
in දේශපාලන
Anura
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ බාර් ලයිෂන් සඳහා ඉල්ලුම් නොකළ එක් මන්ත්‍රීවරයෙක් හෝ සමගි ජන බලවේගයේ නැති යැයි හැකිනම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස සජිත් ප්‍රේමදාසට තමන් අභියෝග කරන බව  ජාතික ජන බලවේගයේ නායක  අනුර කුමාර දිසානායක පැවසීය.  

රට වැටී රිම් එකෙන් ඇදෙන අවස්ථාවක  වාහන ගෙන්වීම අත් හිටුවා තිබිය දී  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර වාහන පර්මිට් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  එක්ව අත්සන් කරමින් සිටින බවත්, මෙම වාහන බලපත්‍ර කෝටි ගණනට විකුණා ගත හැකි වටිනාකමක් සහිත ඒවා බවත් හෙළි කළ  අනුර කුමාර දිසානාය      මේ දෙපාර්ශවයම  එකට හොරකම්  බෙදාගෙන කන එකම කුලකයක පිරිසක් බව කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) හිඟුරක්ගොඩ දී පැවති ගොවි ජන රැළිය අමතමිනි. කෘෂිකර්මාන්තය නැන්විය හැකි ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීමේ සැලසුමක් සහිත පොදු ජන ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ වගකීම සහිත ඉතිහාසයේ වටිනාම කාලයක් ගත කරමින් සිටින බව  කී ඔහු    පියා නිසා පුතාට යන ජනාධිපතිකම් තවත් මේ රටට අවශ්‍ය දැයි ප්‍රශ්න කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිඟුරක්ගොඩ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපති ඡන්දයක් තිබෙනවා. අපි අවස්ථා ගණනාවකදි පොළොන්නරුවට ඇවිත් කතා කර තිබෙනවා. සටන් කර තිබෙනවා. වී මිල පහළ යනකොට හිඟුරක්ගොඩ සිට මින්නේරිය දක්වා අපි පා ගමනින් ඇවිත් කෑ ගහලා කිව්වා, වී වලට සාධාරණ මිලක් දීපල්ලා කියලා. රසායනික පොහොර නතර කරල අපේ වගාවන් විනාශ වෙනකොට ගොවි ජනතාව හැටියට තමුන්නාන්සේලා එකතු වෙලා පාරට බැහැලා පොහොර ටික අපට දීපල්ලා කියලා අපි සටන් කළා. ගොවි ජනතාවගේ පොහොර මිල අධික ලෙස ඉහළ යනකොට පොහොර සහනාධාරයක් දීපල්ලා කියලා කෑ ගැහුවා.

අද අපි ආවේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන, ගොවි ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන කෘෂිකර්මාන්තය නගා සිටුවන නව ආණ්ඩුවක් හදා ගන්න, එකතු වෙමු කියලා ආරාධනා කරන්න. වැඩේ කරන්න පුළුවන්. ඒක අපිටත් වඩා හොඳට දන්නවා ආණ්ඩුව. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිසැක ලෙසින්ම ගොඩනැගෙන බව ආණ්ඩුව හොඳින්ම දන්නවා. පළාත් පාලන මැතිවරණයට අපි නාමයෝජනා බාරදීලා, ජනතාව දැනුවත් කරලා, ප්‍රාදේශීය සභාව හදාගන්න වැඩ කළා. ඒ වෙලාවේ ඡන්දෙ නතර කළා. පළාත් පාලන ඡන්දෙ තිබ්බා නම් අපි දිනනවා. පළාත් පාලන ඡන්දෙන් ගොඩනැගුණු රැල්ල අල්ලා ගෙන ඉන්න ජාතික ජන බලවේගයට බැහැ කිව්වා. නමුත් මේ හිඟුරක්ගොඩ නගරයේ මහා ජන ගඟ දෙස බලනකොට අපිට පෙන්නුම් කරන්නේ පළාත් පාලන මැතිවරණයටත් වඩා මහා ජනතා විශ්වාසයක්, ජනතා පෙළ ගැස්මක් අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා තිබෙනවා.

ඉතිහාසගත වෙනස 

අන්කවරදාටත් වඩා වැඩියෙන් මෙතෙක් රට පාලනය කළ පාලක පෙළැන්තිය බයවෙලා. ලංකා ඉතිහාසයේ නොසිතපු සිදුවීමක් දැන් සිදුවෙමින් තිබෙනවා. වෙනදා නම්, මහින්දගේ ආණ්ඩුව වැටෙනකොට රනිල්ට ඔටුන්න හිමිවෙනවා. රනිල්ගේ ආණ්ඩුව එපා වෙනකොට ස්වභාවිකවම මහින්දට ඔටුන්න හිමිවෙනවා. දැන් මහින්දයි රනිලුත් දෙන්නාම ආණ්ඩුව කරනවා. සජිත් හිතනවා තාත්තාගේ පිනට ඔටෝ ඔටුන්න එයාට හිමිවෙයි කියා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ මොකක්ද? ජාතික ජන බලවේගය නැගිටීම හමුවේ, තමන්ගේ බලය පිළිබඳ තිබුණු සිහිනය විනාශ වෙලා ගියා. රංගේ බණ්ඩාර ඡන්දෙ තියන්නේ නැහැ කිව්වා. නමුත් අපි කළබල වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ මාලිමාව ජයග්‍රහණය කරන්න ජනතාව ගම්පිටින් එකතු වෙලා ඉන්නේ.

මේ ගම්වල අපේ අම්මලා තාත්තලා මේ දුක් වින්දා ඇති. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, තමන් මහලු වියට පත්වුණාට පස්සේ තමන්ව රැකබලා ගන්න දරුවන් හදනවා. දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න පාසලක් නැහැ. රස්සාවක් නැහැ. ගම්වල දරුවන් රට යන්නේ කොහොමද කියා කල්පනා කරනවා. ජීවත් වෙන්න, ගෙයක් දොරක් හදාගන්න, කසාදයක් කර ගන්න විදිහක් නැහැ. අපේ පාලකයන් දරුවන්ගේ මුළු ජීවිතයම විනාශ කළා. සමහර තරුණයන් විවාහ වෙලා මාස දෙක තුනකින් රට යනවා. දරුවන්, බිරිඳ ගෙදර දාලා තාත්තාට හෝ අම්මාට රට යන්න සිදුවෙලා තිබෙනවා. අපිට ජීවත් වෙන්න තිබෙන අයිතිය උදුරාගෙන තිබෙනවා.

අපේ ඉස්පිරිතාලවල පහසුකම් නැහැ. පර්යේෂණයක් කරගන්න විදිහක් නැහැ. බෙහෙත් නැහැ. ජනතාව අකාලයේ මැරෙන්න දාලා තියෙනවා. බරපතළ ලෙස වකුගඩු රෝගය පැතිරිලා තිබෙනවා. පර්යේෂණයක් නැහැ. මැරෙන්න ඇරපු සත්තු වගේ ගොවිජනතාව ජීවත් වෙන්නේ. ගෙයක් හදාගන්න කොච්චර කල් කල්පනා කරනවාද. අත්තිවාරම දාලා බිත්ති ගොඩනංවන්න, වහලෙ ගහන්න, දොරවල් දාන්න, කපරාරු කරගන්න, හුණුපිරියම් කරන්න, පොළොවට සිමෙන්ති ටිකක් දාන්න, කොයිතරම් කලක් බලාගෙන ඉන්නවාද? ගෙයක් හදාගන්න කන්න හත අටක් වගාකරන්න ඕනෙද? හොඳ වාතාශ්‍රයක්, ඉඩකඩක් සහිත නිවසක් නැති ජනතාවක් බවට ගොවිජනතාව පත්කර තිබෙනවා.

මෙතෙක් හදපු ආණ්ඩු

දීර්ඝ කාලයක් ජනතාව මැදිහත් වෙලා ආණ්ඩු හැදුවා. පොළොන්නරුවෙන් නායකයෙක් එනකොට ජනතාව හිතුවා රට හැදෙයි කියා. ඒ නායකයා ඇවිත් සැලසුම හැදුවේ දුවයි පුතයි ඉස්සරහට ගේන්නේ කොහොමද කියලා. තාත්තා ජනාධිපති වුණාම කල්පනා කළේ තමන්ගේ දරුවන්ගේ අනාගතය මිසක් ගමේ අම්මලාගේ තාත්තලාගේ අනාගත ගැන නොවෙයි. මහින්ද මහත්තයා කල්පනා කළේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන. පේමදාස කල්පනා කරන්න ඇත්තේ පුතා ගැන. සජිත් කල්පනා කරනවා තාත්තා ජනාධිපති නිසා එයාගේ නළලේ ජනාධිපතිකම කොටලා තිබෙනවා කියා. ඒගොල්ලන්ගේ පවුල් හැදුණා. මැරෑටි දේශපාලනය වර්ධනය වුණා. ත්‍රාඩ, චෞර වළල්ලක් හැදුණා. ඒ ගොල්ලෝ ගොඩ ගියා. ජනතාව වළට වැටුණා.

අද, මඟුල් මුද්ද, පොඩි එකාගේ පංචායුධය, වතුර මෝටරය, අත් ට්‍රැක්ටරය උගස් තියලා. සමහරු කුඹුර උගස් තියලා ඒ කුඹුරේ තමන් අඳේට වගා කරනවා. මේ රටේ ජීවත් වෙන ගොවි ජනතාව හැටියට අපි දුකෙන් දුකට පත්වෙලා තිබෙනවා. හැබැයි රට පාලනය කළ පාලකයන් එහෙම වෙලා නැහැ. අපේ ජනතාව මෙතෙක් හදපු ආණ්ඩු, පාලකයන්ගේ පවුල්වලට, ඥාතීන්ට සලකන, පාලකයා වටේ ඉන්න මැරයන්ට, කළු ව්‍යාපාරිකයන්ට සලකන ආණ්ඩු. කළු ව්‍යාපාරිකයන්ට ඉඩ නොදෙනවා නම්, රනිල් වික්‍රමසිංහ, මහ බැංකුවෙන් කෝටි 1100 පිල්ලි ගහන්න අර්ජුන් ඇලෝසියස්ට ඉඩ දෙනවාද? රනිල්ලාව බලා ගන්නේ කළු ව්‍යාපාරිකයන්. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් කළු ව්‍යාපාරිකයන්ට හොරකම් කරන්න ඉඩ දෙනවා. ගෝඨාභය රාජපක්ෂලා මහජනයා බලා ගන්නවා නම්, සීනි ගෙනාපු මුදලාලිට සීනි බදුවලින් කෝටි 1500ක හොරකම් කරන්න ඉඩ දෙනවාද? ඒගොල්ලන් වටා ඉන්න කළු ව්‍යාපාරිකයන්ට එයාලා සලකනවා.

ආණ්ඩුවෙත් විපක්ෂයෙත් මන්ත්‍රීවරුන්ගේ දරුවන් බොහෝ දෙනෙක් තානාපති කාර්යාලවල ජොබ් එකට යනවා. ඕස්ට්‍රෙලියානු තානාපති කාර්යාලයේ කාලයක් වැඩ කළේ ලක්ෂ්මන් යාපාගේ පුතා. තවත් තානාපති කාර්යාලයක රෝසි සේනානායකගේ දුව. තවත් තානාපති කාර්යාලයක ප්‍රසන්න රණතුංගගේ දුව. ලෝකයේ ලොකු තානාපති කාර්යාලවලට එයාලගේ දරුවෝ යනවා. අපේ දරුවන්ට, මැදපෙරදිග කොන්ක්‍රීට් අනන්න, දියණියකට නම් ගෙදරක රෙදි හෝදන්න, උයන්න පිහින්න තමයි රස්සා ලැබෙන්නේ.

එක් වරක් පොදු ජන ආණ්ඩුවක් හදමු

මෙච්චර කල් අපි ආණ්ඩු හැදුවා. පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලනයන් හැදුණේ. අපි එක වතාවක් වත් පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදමු. ජාතික ජන බලවේගය යනු පොදු ජනතාවගේ බලවේගයක්. මෙතන කිසිවෙක් පරම්පරාවෙන් දේශපාලනය ලියාගෙන ආ අය නොවෙයි. අපේ රටේ තරුණ තරුණියන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ වෙනුවෙන් හැමදෙනා එකතු වෙමු. අපි හැමදෙනාම ගම්වල ඉපදුණු, ගම්වල අම්ම තාත්තත් එක්ක වැඩුණු දරුවෝ. අන්න ඒ අයගෙන් ආණ්ඩුවක් හදන්න ඕන. මේ රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ආණ්ඩුවක් අපි හදන්න ඕන. ඒ සඳහා අපි එකතු වෙමු. මේක තමයි සුදුසුම වෙලාව. අපට පුළුවන් ඔබව දැනුවත් කරන්න. වැඩපිළිවෙළ හදන්න. හැබැයි වැඩේ තිබෙන්නේ ගම්වල ඔබලා අතේ. ඔබ, ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ කතිර ගහලා පුරවන්න සැලසුම් කරන්න ඕන. අපි මැයි 15 සිට ජුනි 30 දක්වා දින 45ක වැඩපිළිවෙළක් හදා තිබෙනවා. හැම ගෙදරකටම යන්න ඕන. ඡන්දෙ සටහන් කර ගන්න. තාමත් වැරදි පාරේ යන අයට කතා කරන්න ඕන. ගම් පිටින් පොර බදමින් ගම් වෙනස් කරන වැඩේ කරන්න ඕන.

අපේ ගම්වල ජනතාවගේ ජීවිත මීට වඩා හොඳ ජීවිත බවට පත්කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය අපි අවසන් කරන්න ඕන. දුප්පත්කම කියන්නේ, ආහාර වේලක් නැතිකම, බෙහෙතක් ගන්න නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කම නිසා සමාජයේ නොසැලකිල්ලක් තිබෙනවා. දුප්පත් කෙනෙක් බැංකුවකට, පොලීසියට ගියාම සලකන්නෙ වෙනස් ආකාරයකට. දුප්පත් දරුවෙක් පාසලක ඉගෙන ගන්නකොට, බස් එකට නැංඟම වෙනසක් තිබෙනවා. දුප්පතත්කම නිසා සමාජයේ පිළිගැනීමක් නැහැ. එහෙම නම් අපි ආර්ථික වශයෙන් පොහොසත් වෙන්න ඕන, සමාජීය වශයෙන් පොහොසත් වෙන්නත් ඕන. ගම්වල ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කිරීමත්, ඔවුන්ගේ සමාජ තත්වය දියුණු කිරීමත් තමයි ජාතික ජන බලවේගයේ වැඩපිළවෙළ වෙලා තිබෙන්නේ.

සැලසුම් හදලා, රට ගොඩනඟන්න අවුරුදු කිහිපයක් ගත වෙනවා. ඒකෙ ප්‍රතිඵල එනකම් කන්ඩ තියෙන්න ඕනෑ. ආරම්භ වශයෙන් හැම පුරවැසියෙකුටම හොඳ ගුණාත්මක ආහාර වේලක් ලබාදෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමට හැකි සහනාධාර ක්‍රමයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇති කරනවා  ජනතාවගේ මූලික අවශ්‍යතාවය වන ආහාර වේල, අපි මූලික වටයේම සහතික කරනවා.

ඒ වගේම අවශ්‍යයි, සෞඛ්‍යය සම්පන්න ජීවිතයක්. පුරවැසියන්ගේ සෞඛ්‍යයේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන, බෙහෙත් තිබෙන, දොස්තරවරු ඉන්න, පරීක්ෂණ කරන ඉස්පිරිතාලයක් අපි සහතික කරනවා.

ඒ වගේම දරුවන්ට ඒ ඒ වයසට අදාළ අධ්‍යාපනය අවශ්‍යයි. අද දෙමව්පියන්ට අධ්‍යාපනය බරක් වෙලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආරම්භක වශයෙන් ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය නිසි පරිදි ලබාදෙන වැඩපිළවෙළක් සහතික කරනවා.

ගමේ දුප්පත්කම නැති කිරීම

ඊළඟට ගමේ දුප්පත්කම නැති කරන්න වැඩපිළවෙළ සකස් කරන්න ඕනෑ. ගොවිතැන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වෙනවා නම්, ගොවිජනතාවගේ ජීවිත උසස් තත්වයට පත්වෙනවා. ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න නම්, කෘෂිකර්මය නගා සිටුවීම සඳහා නිසි සංවර්ධන වැඩපිළවෙළක් අවශ්‍යයි. නෙදර්ලන්තය අපට වඩා කුඩා රටක්. අද ලෝකයේ කෘෂි නිෂ්පාදනය වැඩියෙන්ම අපනයනය කරන රට බවට පත්වෙලා තිබෙනවා. අපේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ලෝකයේ තිබෙන අත්දැකීම්, පර්යේෂණයන් එකතුකර ගන්න උවමනාව තිබෙනවා.

අපි වගා කරන්නේ ඉවට. අද ලෝකයේ වගා කරන්නේ ඉවට නොවෙයි, දත්ත, පර්යේෂණ, විද්‍යාවන් මත. ලෝකයේ විශාල පර්යේෂණායතනවල අමෙරිකන් එක්සත් ජනපදයේ, ජපානයේ, තායිලන්තයේ, බ්‍රසීලයේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල ගොවිපළවල්වල වැඩ කරන, විශාල පර්යේෂණාගාරවල වැඩ කරන අපේ කෘෂි විද්‍යාඥයන් ඉන්නවා. 29 වැනිදා කොළඹ පර්යේෂණ සහ සංවර්ධන සමුළුවට පැමිණෙන්න  අපි ඒගොල්ලන්ට ආරාධනා කරලා තියෙනවා. අපි සැලසුම් හදනවා කෘෂිකර්මාන්තය විද්‍යාත්මක ප්‍රවේශයකට ගන්න.

අනෙක් පැත්තෙන් දත්ත තොරතුරු අවශ්‍යයි. ගොවියා වෙළඳපොළ ගැන දන්නේ නැහැ. වගාවන් කරනවා. එකම අස්වැන්න එකවර වෙළඳපොළට පැමිණීම නිසා විකුණා ගැනීමට අපහසු වෙනවා. මෙහෙම වෙන්නේ වෙළඳපොළ සංවිධානය වෙලා නැහැ. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු නිසි වගා සැලසුමක්, විද්‍යාත්මක පර්යේෂණ සහිත කෘෂිකර්මාන්තය ගොඩනඟන ජනතාවාදී ආණ්ඩුවක්.

ගොවි ජනතාවට ආරම්භක මූල්‍ය ප්‍රාග්ධනය අවශ්‍යයි. සාධාරණ පොලී අනුපාතයකට මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වුණු රටවල් කිහිපයක් තිබෙනවා. තායිලන්තය, වියට්නාමය, චීනය, ඉන්දියාව මේ සෑම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අපි දියුණු සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා, ගොවි ජනතාවට අවශ්‍ය මූලික මුදල් අඩු පොලී අනුපාතිකයකට ලබාදෙන්න.

ඊළඟට වැඩිහිටි ගොවි ජනතාව බලා ගැනීමේ වගකීම තිබෙන්නෙත් ආණ්ඩුවට. ඒ ගොවි ජනතාව සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා, ඒගොල්ලන්ගේ ජීවිතයේ වැඩ කළ නොහැකි තත්වයට පත්වුණාම යැපීමට සමත් ආධාර මුදලක් ලබා දෙනවා. ජනතාවගේ ආණ්ඩු කියන්නේ එවැනි ආණ්ඩුවලට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන, වැඩ කරන ජනතාවට විශ්‍රාම වැටුපක් යෝජනා කරන ආණ්ඩුවක්.

මෙච්චර කල් අපි හැදුවේ පොදු ජනතාවගේ ආණ්ඩු නොවෙයි, ඉහළ පුරවැසියන්ගේ ආණ්ඩු. ඒගොල්ලන්ගේ අපේක්ෂකයා ලෙස නියෝජනය කරන්නේ මේ පළාතේ ලොකුම ධනය තිබෙන කෙනා. ආණ්ඩු හදන්න ලොකු මුදලාලි කෙනෙක් වෙන්න ඕන. ඒ මුදලාලි සල්ලි වියදම් කරනවා. ඒ ටික එකතු කරනවා. ආණ්ඩු හදනවා. ඒගොල්ලෝ කවදාවත් පොදු ජනතාවගේ කෙනෙකුට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දුන්නත් ඕක ඇතුලේ ඉන්නත් බැහැ. එයාලා උඩ ඉන්න කණ්ඩායමක්. දැන් අපි හදන්න ඕන ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන, පොදු ජනතාවගේ ආණ්ඩුවක්.

තාත්තාගෙන් පුතාට ගොවිකම උරුම කරන්න ඕන නැහැ. තවත් අවස්ථා හදන්න ඕන. ගම්වල ජනතාවට යෙදෙන්න අලුත් ආර්ථික ක්‍රියාකාරකම් නැහැ. ආර්ථිකයක් එක්ක සම්බන්ධවෙලා වැඩක් කරන්නේ නැතිව ආදායමක් එන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල්වල පාරවල්වල මිනිස්සු අඩුයි. ඒ රටවල පුරවැසියන්ට කරන්න වැඩක් තිබෙනවා. මිනිස්සුන් පැය අටක් වැඩ කරන්න, පැය අටක් සංස්කෘතික ජීවිතයක් ගතකරන්න, පැය අටක් නිදා ගන්න ඕන. මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ඕන. තවත් ආර්ථික අවස්ථා හදන්න ඕන. අපි දිස්ත්‍රික්කවල ආර්ථික සැලසුම් හදා තිබෙනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල ආරම්භ කළ හැකි කර්මාන්ත හා සේවාවන් මොනවාද කියා අපි හඳුනාගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්කවල තිබෙන සම්පත් අනුව නිෂ්පාදනය හා සේවා අපි ආරම්භ කරන්න ඕන.

විශාල කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කොට තිබෙනවා. ඒ ගොල්ලන් අලුත් කර්මාන්ත, අලුත් සේවා මධ්‍යස්ථාන ගම්වලට අරගෙන එන්න ඕන. අපි ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන් කොළඹ කර්මාන්ත ශාලාව දානවා නම් බද්ද ටිකක් වැඩියි. පිට පළාතක කර්මාන්තය දානවා නම් බද්ද ටිකක් අඩුයි. අපි කර්මාන්තවලට උත්තේජනයක් දෙනවා. අලුත් අයි.ටී. කර්මාන්ත පටන් ගන්න ඕන. කොළඹට පමණක් කේන්ද්‍රගත වෙලා බැහැ. පොළොන්නරුවටත් අයි.ටී. කර්මාන්ත ශාලා හැදිලා ලෝකෙට සර්විස් එක දෙන්න ඕනෑ. අපි ඒ ගැන කතා කර තිබෙනවා. එයාලා කැමතියි පුහුණවක් දීලා දරුවන් බඳවා ගන්න.

සල්ලි නැති භාණ්ඩාගාරයේ ඇත්ත

මේ ආණ්ඩු සල්ලි නැහැයි කියනවා. භාණ්ඩාගාරයට එන්න තිබෙන සල්ලි හරවලා තිබෙන්නේ ඇලෝසියස්ගේ, රවි කරුණානායකගේ, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගෙදරට. අනෙක් පැත්තෙන් භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය හොරකම් කළා. අපි ඒ ධනය ඔක්කොම භාණ්ඩාගාරයට ගනිමු. භාණ්ඩාගාරයට එන ධනය පිළිබඳ සියල්ල ඔබට දැනුවත් කරන්නම්. ඒ වගේම ඒ ධනය සාංඝික දේපොළක් වගේ අපි බලා ගන්නම්.

රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ සල්ලි පිටරට යන්න වෙන්කර ගත්තා. වෙන්කර ගත්ත සල්ලි මදිවුණා කියලා ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් වෙන්කර ගත්තා ලක්ෂ 2000ක්. රට යනකොට රනිල් තනියම යන්නේ නැහැ. ඒ ධනය වියදම් කරලා කින්ස් නෙල්සන්, ස.ජ.බෙ. මාන්නප්පෙරුම, ඉෂාක් රහුමාන්, එක්කරගෙන යනවා. බෙදා ගන්නකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා එයාලාට වෙනසක් නැහැ.

මේ රට වැටිලා. රිම් එකෙන් යන්නේ. වාහන ගෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයයි, ආණ්ඩුවයි දෙගොල්ලොම එකතු වෙලා අත්සන් කරනවා වාහන පර්මිට් එකක් දෙන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පර්මිට් එක දෙන්න ඕනලු. කෝටි පහළොවකට විතර විකුණා ගන්න පුළුවන්. ආණ්ඩුවේ මන්ත්‍රීලයි, ස.ජ.බ. මන්ත්‍රීලයි බෙදා ගන්න කොට, නාස්ති කරන කොට එකට එකතු වෙලා කරනවා. බාර් ලයිසන් දුන්නා. මන්ත්‍රීවරයා නමක් යෝජනා කරන කොට ලයිසන් එක දෙනවා, මන්ත්‍රී ගානක් ගන්නවා. මන්ත්‍රී කියනවා, ඔයා නමක් යෝජනා කරන්න, මම ලයිසන් එක දෙන්නම්, ඔයා එයාගෙන් සල්ලි ගන්න කියා. මම සජිත් පේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයෙක් හෝ ස.ජ.බ. නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ. නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ.

කලබල වෙන්න එපා…

ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ යුතුයි කියා හැඟීමක් තිබෙන, ආණ්ඩුවකුයි අපට ගොඩනඟන්න තිබෙන්නේ. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට ඉතා හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මොන වංගු ගැහුවත් කළබල වෙන්න එපා. හිටපු ගමන් පාර්ලිමේන්තුව විසුරවා හරිනවා කියනවා, ඡන්දෙ නැහැ කියනවා, තව අවුරුදු පහක් දෙමු කියනවා,

සැප්තැම්බර් 17 පසුවෙලා, ඔක්තෝම්බර් 16ට කලින් ජනාධිපති ඡන්දෙ තියනවාමයි. අපේ ජීවිත කාලයේ ගතකරමින් තිබෙන වැදගත්ම මාස හතරක් මේ තිබෙන්නේ. මේ දේශපාලන පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාම මැදිහත්වෙලා වැඩ කරන්න ඕන. එක්සත් ජාතික පාක්ෂිකයා, පොහොට්ටුවේ පාක්ෂිකයා, සමගි ජන බලවේගය කියා අත්හරින්න එපා. එයාලාට තේරුම් කරදෙන්න. වෙනස් වෙන්න කියා ආරාධනා කරන්න.

අපි කොට්ඨාස සභා හදලා තිබෙනවා. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ වැඩිම ඡන්ද පෙට්ටිය බවට පත්කර ගන්න, හැම කෙනාම හමුවෙන්න. දැන් බැටන් එක තිබෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. මේ රැස්වීම සාර්ථක කරගන්න මේ සහෝදර, සහෝදරියන් විශාල කැපකිරීමක් කළා. මේ පිට්ටනිය උතුරලා යමින් පෙන්නුම් කරන්නේ ඔබලාගේ ශක්තියේ, මහන්සියේ, මැදිහත්වීමේ ප්‍රතිඵල. මේ මාස හතර මහන්සිවෙලා වැඩ කරමු. අපි ලොකුම ප්‍රතිඵලය පොළොන්නරුවෙන් බලාපොරොත්තු වෙනවා

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණය දැක දැක බුදු ගුණ කියමින් කැලණි ගඟේ කිලෝමීටර 3ක් දුර පාවී ආ අම්මා….

Next Post

බෙල්ලන එපා කියා ජාතික රොහ්ලේ ගොඩනැගිල්ලක වහලයට නැගී සුළු සේවකයෙක් උපවාසයක් අරඹයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.