බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වේදනාවේ මතකය පමණක් ඔටාවා හි ශේෂ කර යන්න ගිය අසරණ මිනිස්සු…

by editor
මාර්තු 18, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

මහා ඛේදවචාකයක මතය ශේෂ වී තිබේ. ඔටාවාහි  Barrhaven  උපනගරයේ සිද්ධ වූ මහා ඛේදවචාකයේ වින්දිත අසරණයෝ ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අළුයම අවසන් ගමන් ගියහ. සතියකට පෙර සිදුවූ සමූහ ඝාතනයේ වේදනාව බෙදා ගැනීම සඳහා 200කට ආසන්න පිරිසක් රැස්වී උන්හ.   කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) විසින් ඔටාවාහි , ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේ  සංවිධානය කර තිබූ බහු ආගමික අවමංගල්‍ය උත්සවය වචනයෙන් ප්‍රකාශ නොවන මහා වේදනාවකින් මිදී ගොස් ඇති බව පෙනුණි.

අවසන් ගමන…

මාර්තු 6 වන දින දකුණු ඔටාවා හි Barrhaven  උපනගරයේ   නිවසක් තුළ සිදුවූ ඔටාවා ඉතිහාසයත්  කම්පනය කළ මිනීමරුමේ ගොදුරු වූයේ  දර්ශනී දිලන්තිකා ඒකනායක, (35,) තරණ මව සහ  ඇගේ දියණියන් තිදෙනා වන තුන් හැවිරිදි රණයා, සිව් හැවිරිදි අශ්විනි සහ මාස දෙකක කෙලී ය.   ඇගේ හත් හැවිරිදි පුත් ඉනුකය. ඔවුන් සමග වාසය කරමින් සිටි 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ය.

පවුලේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේය. ඔහු සිටියේ රෝහලේය. සැත්කම් දෙකකට භාජනය කර තිබිනි. ශාරීරිකව සුවය ලබමින් සිටියත් මේ තරුණ තාත්තා මානසිකව ඔත්පලව සිටියේය. මිනිසෙකුට සිදුවිය හැකි බිහිසුණුම ඛේදවාචකයට මුහුණ දුන් ඒ තාත්තා රොහලේ සිට සිය දරුවන් සිව් දෙනා සහ බිරිය සදාකාලිකව තමන් අත්හැර යන මොහොත දකින්නට පැමිණ සිටියේය. එහෙත් ධනුෂ්ක කිසිම දෙයක් කතා කළේ නැත. මාධ්‍යයට ඔහු වචනයක්වත් ප්‍රකාශ නොකළේය.

ottawa-homicide-
ලෝකය අහිමි වු තාත්තා… ධනුෂ්ක වික්‍රමසිංහ සිය පවුලේ අවසන් කටයුතු සඳහා එක් වෙමින්…

ඒ වෙනුවට ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මේ ඛේදවාචකය වූ බිහිසුණු අවස්ථාවේ දී මුලින්ම ප්‍රතිචාර දැක්වූවන්ට,  තමන් වෙනුවෙන් ප්‍රතිකාර කළ රෝහලට, කැනඩා බෞද්ධ සම්මේලනයට, ඝාතනවලින් පසු ඇති වු කම්පනය සහ අවුල් සහගත තත්ත්වය සමග කටයුතු කිරීමට තමන්ට උදව් කළ ශ්‍රි ලංකා ප්‍රජාව ඇතුළු සියලු කණ්ඩායම්වලට ස්තුතිවන්ත වන බවය.

“මගේ බිරිඳ, දරුවන් සහ හොඳ මිතුරෙකුගේ මරණයෙන් මා  විනාශයට පත් කර ඉරා දැමූවා.. මේ ඛේදවාචකය මා ගැඹුරු ලෙස ව්‍යසනයට පත් කළා. ව්‍යසනයෙන් පසු මා හසරක් නොදැන මානසිකව   අතරමං වු විට අප   වෙනුවෙන් යාඥා කළ , අප සම්බන්ධව කම්පාවී හැඟීම් බෙදා ගත් සියලු දෙනාටම මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා… “ ධනුෂ්ක වික්‍රමසිංහ ලියා තිබිණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ඝාතනය වු ගාමිණී අමරකෝන් ගේ බිරියට සහ දරුවන්ට ඔහුගේ මළ ගෙදරටවත් සහභාගී වීමට නොහැකි වී තිබිණි. ගාමිණීගේ බිරිය දිශානි අසංගිකා ප්‍රනාන්දු වීඩියෝ පණිවිඩයක් අවමංගල්‍ය උත්සවයට එව්වාය. අපේ සංස්කෘතික බැඳීම් ගොඩනැගී ඇති ආකාරය බලනවිට එම වීඩියෝ පණිවිඩය තුළත් ඛේදවාචකයක් ගැබ් වී ඇති බව සිතිනි.

“ ඔයා හැම විටම ආදරණීය සැමියෙක්… ඒ වගේම පුදුමාකාර පියෙක්… මට කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් මට දැන් කතා කරගන්න බෑ…” ඇය පැවසුවාය.

“ඔයා මෙතනට ආවේ අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න. ඒත් අපි කවදාවත් හිතුවේ නැති විදියට අපේ හීන ඔක්කොම බොඳවෙලා ගියා.” ඇය කම්පිතව කියනු ඇසිනි. එ වේදනාත්මක අවසන් මොහොත පහත දැක්වේ.

.අවමංගල්‍යයට පෙර කැනඩා බෞද්ධ සම්මේලනයේ සභාපති නාරද කොඩිතුවක්කු සී.බී.සී ප්‍රවෘත්ති ජාලයට ප්‍රකාශ කළේ  මෙම ඛේදවාචකය Barrhaven හි ශ්‍රී ලාංකික සහ සංක්‍රමණික පවුල්වලට දැඩි ලෙස බලපාන බවය.

“ඔවුන් පැමිණියේ  මෙතරම් කෙටි කාලයකින්  ඔවුන්ගේ ජීවිතය අවසන් කිරීමට ද … අපි විනාශ වුණා. අපි තවමත් විනාශයි,” නාරද කීවේය.

ටොරොන්ටෝ හි ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රදීප් බාලසුබ්‍රමනියන් අවමංගල්‍යයට පැමිණි සිටියේය. ඔහු තම  පවුලේ අයගෙන් ධනුෂ්කට  පණිවිඩයක් රැගෙන ඇවිත් තිබිණි.

“ඉක්මනට සුවවෙන්න, අපි හැමදාම ඔබ  සමඟ ඉන්නවා” බාලසුබ්‍රමනියන් පැවසීය.

ඝාතන සිදු වූ දා සිට තමන් ප්‍රවෘත්ති අනුගමනය කළ බවත් ඒ විනාශයේ තරම වින්දිතයන්ගේ මෘත දේහ දකිමින් විඳින  බවත්   භාග්‍යා ජයවීර බී.සී.සී වෙත පැවසුවාය. භාග්‍යා කියා සිටියේ ඇයට මිය ගිය අය වෙනුවෙන්  ගෞරව දැක්වීමට අවශ්‍ය බවත් මියගිය අයගේ ආත්මයට ශාන්තිය පිරිනැමීමට අවශ්‍ය බවත්ය.

“මුළු පවුලක්ම කැඩිලා… එයාලගේ තාත්තාගෙන් එයාලා  උදුර ගත්තා. මට හිතාගන්න බෑ,” ඇය පැවසුවාය.

ලිබරල් මන්ත්‍රීවරුන් වන ගැරී ආනන්දසංගරී සහ චන්ද්‍රා ආර්යාත්, ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ලීසා මැක්ලියෝඩ් සහ ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් ඇතුළු කැනේඩියානු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුත් අවමංගල්‍ය උත්සවයේදී කතා කළහ.

“ඔබේ ප්‍රජාව ඔබ සමඟ සිටින බව ඔබ දැන ගැනීමට මට අවශ්‍යය,” නගරාධිපති සට්ක්ලිෆ් වින්දිතයින්ගේ පවුල්වලට පැවසීය. “මෙවැනි කාලයකදී අපි ප්‍රජාවක් ලෙස එකට එකතු විය යුතුයි.

“ඉදිරියට තවත් දුෂ්කර දින තිබෙනවා. මෙය ඉදිරි දින සති සහ මාසවලදී මෙම පවුල් සඳහා සිතාගත නොහැකි කාලයක් වනු ඇති. අපි ඔබේ පවුලේ සාමාජිකයින්ගේ මතකයන්ට ගරු කරනවා.” නගරාධිපතිවරයා කීවේය.

ආගමික කටයුතු කරමින්…

ටොරොන්ටෝ සහ ඔටාවා හි බෞද්ධ භික්ෂූන් අවමංගල්‍ය උත්සය සඳහා පැමිණ සිටිය. උන්වහන්සේලා  සම්ප්‍රදායික බෞද්ධ  අවමංගල්‍ය චාරිත්‍ර අකල්හි මිය ගිය අසරණයින් වෙනුවෙන් ඉටු කළහ.

ඔවුහු වේදනාත්මක මතකයන් පමණක් ශේෂ කර නික්ම ගියහ.

ඝාතකයා

ඝාතන චෝදනා ලද  19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසාට පළමු මට්ටමේ මිනීමැරුම් 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ෆෙබ්‍රියෝ ද සොයිසා

ඔහුගේ නීතීඥ ඉවාන් ලිට්ල් බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඩි සොයිසාට එල්ල වී ඇති චෝදනාවල බරපතලකම හේතුවෙන් ඔහු ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බවය.

මානසික සෞඛ්‍ය තක්සේරුවක් ගැන කතා කිරීමට කල් වැඩි බව ලිට්ල් පැවසුවේ බ්‍රහස්පතින්දා ය.

ඝාතක තරුණයාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති අතර අපරාධවල තත්ත්වයන් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අධිකරණය විසින් අසා නැත.

තරුණ ඝාතන සැකකරු  මාර්තු 28 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද තමයි මැච් එක… මේක ගහන්නම ඕන මැච් එකක්…

Next Post

අධික උෂ්ණත්වය මානසික සෞඛ්‍යයට බලපාන හැටි මනෝ වෛද්‍ය විශේෂඥයෙක් කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.