බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද තමයි මැච් එක… මේක ගහන්නම ඕන මැච් එකක්…

by editor
මාර්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (18)  ශ්‍රී ලංකා බංගලාදේශ එක් දින තරගාලියේ තරගාවලි ජයග්‍රහණය තීරණය කරන තරගය ය.  තව පැය කීපයකින් එනම් උදෑසන 9.30ට දිවා තරගයක් ලෙස චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වන්නේය.

ක්‍රිකට්වලටත් එහා ගිය  ගනුදෙනුවක් බවට පරිවර්තනය වෙමින් ඇති තරගාවලිය උණුසුම් කරන්නට ශ්‍රී ලංකාවේ අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහත් ඉන්නේය.  වෙන කවරදාටත් වඩා කණ්ඩායම් දෙකටම මේ ජයග්‍රහණය අවශ්‍ය වන්නේ එය මේ වනවිට අභිමානය සම්බන්ධ කතාවක් බවට පරිවර්තනය වෙමින් ඇති බැවිනි.

චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරග දෙකේම ජයග්‍රහණය තීන්දු වූයේ වාසනාව මතය. පිතිකරුවන්ට යෝග්‍ය තණ තීරුවක් සහිත, පිටත පිටිය ඉතාම වේගවත් ක්‍රීඩාංගනයේ රාත්‍රීයේ විදුලි ආලෝක මධ්‍යයේ ක්‍රීඩා කරන විට මුල් පන්දු ඕවර 20න් පසු පන්දු රකින්නට සිදුවන්නේ පිතිකරණය දෙස බලා ඉන්නටය. තරග දෙකේ දීම අත් දුටුවේ  රාත්‍රී පතිතවන පිණි වරුසාවය. ඒ සමග පන්දු යවන්නන්ට පන්දුව ග්‍රහණය කරගැනීමටවත් නොහැකිවන සේ පන්දුව තෙත් වන්නේය. එතැන් සිට ඔහේ එන පන්දුවට නැව් ගුටිය.  පළමු පවර් ප්ලේ අවස්ථාවේ දි  කඩුලු තුනක් දැවී ගියද හඹායන කණ්ඩායමට ඒත්තු ගැන්වෙන පරිදි ජයග්‍රහණය කිරීමට හැකි විය.

මේ ස්වරූපය මුල් අවස්ථාවේ දී කියවාගෙන  පළමු තරගයේ දි මුලින් පන්දුවට පහරදීමේ වැරදි තීන්දුව නොගත්තා නම්  බොහෝ විට මේ වනවිට මේ තරගාවලි ජයග්‍රහණයත් අපේ වීමට ඉඩ තිබිණි.

එබැවින් සැබෑ ලෙසම ජව සම්පන්න දක්ෂ කණ්ඩායම පිළිබඳ තීරණයක් ලබා දෙන තරගය අද පැවැත්වෙන බව අපි විශ්වාස කරමු.  එහි තණතීරුව සාමාන්‍යයෙන් රටේ හොඳම පිතිකරණ තණතීරුවකි.  තවදුරටත් පින්න තීරණාත්මක  සාධකයක් නොවේ.  වේග පන්දු යවන්නන්ට සිය වික්‍රමයන් පෙන්වීමට සාධාරණ අවස්ථාවක් උදා වී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

බංගලාදේශය පැත්තෙන් ගතහොත්  පසුගිය වසරේ ඉන්දියාවේ පැවති   එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව  පසුව බංග්ලාදේශ වේගපන්දු යවන්නන්ට මෙම තරගය විශේෂයෙන් තීරණාත්මක වේ. බංගලාදේශ කණ්ඩායම දෙසැම්බරයේ නවසීලන්තයේ දී  පසුබෑමකට ලක් වූයේය. මුල් විස්සයි20 තරගාවලියේ දී සිය මවු රටේ දී ඔවුහු ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලි පරාජයක් ලැබුවේය.   දැන් බංගලාදේශයට අවශ්‍යව ඇත්තේ  ඔවුන්ගේ රටේ දී ඔවුන්ගේ ජනතාවක් ඉදිරියේ  ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ ප්‍රගතිය තහවුරු  කිරීමේ අභියෝගය ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක ඉලක්කයක් හඹා යෑම මෙන්ම ලකුණු 300කට අඩු ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කරගැනීමට කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ ඉලක්කය තිබේ.  චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි තණතීරුව මේ වනවිට ලෝකයේ ඉහළ තරගාවලි පැවැත්වෙන මට්ටම ආවරණය කළ තණ තීරුවක් බැවිනි.

ශේෂයෙන්ම වේග පන්දු යවන්නට මේ තණ තීරුව තුළ විශාල කොටසක් පැවරෙනු ඇත.  බංගලාදේශ වේග පන්දු යවන ක්‍රීඩකයින් මේ වනවිට ඉතා ජව සම්පන්න ස්ථාවරයක් ප්‍රකාශ කර තිබේ. ෂොරිෆුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් සිය විශිෂ්ටත්වය පෙන්වා ඇත.

කෙසේ වෙතත් අවසන් තරගයට පෙර කණ්ඩායම් දෙකේම තීරණාත්මක වෙනස්කම් සිද්ධ වී තිබේ. ශ්‍රි ලංකාවට ආරම්භක වේග පන්දු යවන ඩිල්ශාන් මධුශංක අහිමි වූයේය.  ආබාධයකට ලක්වූ ඔහු දෙවැනි තරගය අතර ක්‍රීඩාංගනයෙන් ඉවත් වූයේය. මස්පිඩු ඉරීමක් සහිත අභ්‍යන්තර තුවාලයකට ලක් වී සිටින ඩිල්ශාන් මධුශංක අද තරගයේ නැත.

ඊයේ උදෑසන පුහුණු සැසියක් අතර   ආබාධයට ලක්වූ බංගලාදේශ බලාපොරොත්තු සහගත වේග පන්දු යවන්නෙක්වන  ටැන්සිම් හසන් සකීබ් ද  අද තරගයෙන් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට ආදේශකය හසන් මහමුද්ය. ඔහු ඊයේ හවස කණ්ඩායම හා එක් වුනේය. බංගලාදේශ වේගපන්දු බලඇණිය තහවුරු කිරීමට ටස්කින් අහමඩ් සහා ෂොරිෆුල් ඉස්ලාම් සමග මුස්තාෆිසුර් රහ්මාන් නැවත කැඳවීමක් අපේක්ෂා කරනු ඇත. එමෙන්ම මුල් තරග දෙකේදීම අසාර්ථක වු ආරම්භක පිතිකරු ලිටොන් දාස් අවසන් තරගයේ සංචිතයෙන් ඉවත් කර තිබේ.

ඩිල්ශාන් මධුශංකගේ අඩුව පුරවමින් ලහිරු කුමාරට සහ ප්‍රමෝද් මධුශාන්ට එක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න යෝජනා වනු ඇත.

ලහිරු කුමාර වේගයෙන් පන්දු  යවන්නෙකි. ඩිල්ශාන් මධුශංක හොඳ දෝලනයක් සහිතව පන්දු යැව්ව ද ඔහුගේ පන්දු නිසි ස්ථාවර පාලනයකින් තොරය. මෙවන් පසුබිමක මුල් තරග දෙකේ දීම ආරම්භක පන්දු ඕවරයේ දීම බංගලාදේශයට ප්‍රහාරයක් එල්ල කළ ඩිල්ශාන් මධුශංක තරගාවලියෙන් ඉවත්වීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති විශාලම අභියෝගය ය. චාමික කරුණාරත්නට මේ තත්ත්වය කළමනාකරණය කරන ආකාරය තරගයේ ඉරණම තීන්දු කරනු ඇත.

මේ වනවිට මතීෂ පතිරණ ඉන්නේ ආබාධයකට ලක්වය.  දුෂ්මන්ත චමීරත්  ශ්‍රි ලංකා කණ්ඩයාමට මගහැරී ඇත. නව පන්දුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙන නුවන් තුෂාර අවසන් පන්දු ඕවරවල පන්දු යැවීම පිළිබඳ අභියෝගයක ඇත.

අපේක්ෂාව ජයග්‍රහණය ය. මේ ජයග්‍රහණය අපට වඩාත් අවශ්‍යය. ආර්ථිකය පිළිබඳ වූ පොරබැදීමේ දී බංගලාදේශයෙනුත් හොඳටම ගුටිකා සිටින රටට මෙවැනි ජයග්‍රහණයක් හෝ අස්වැසිල්ලකි.

ජයග්‍රහණ ගිලිහෙන්නට පුලුවන. අඩුම තරමින් පිළිගත හැකි පරාජයක් දැන් මේ රට අපේක්ෂා කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙටත් උණුසුම්… ඉරට හැතැප්මයි වගේ දැනේවි…

Next Post

වේදනාවේ මතකය පමණක් ඔටාවා හි ශේෂ කර යන්න ගිය අසරණ මිනිස්සු…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.